Colombo Today Local News

රැකියා කළ හැකි අවම වයස් සීමාව වෙනස් වේ

රැකියා සඳහා සේවකයින් බඳවා ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අද (17)දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කෙරුණි.

අනිවාර්ය පාසල් අධ්‍යාපන වයස අවුරුදු 16 වශයෙන් වන නීතිමය විධිවිධානයන්ට අනුකූල වන පරිදි කම්කරු අණපනත්වල සේවකයින් සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට හැකිවන අයුරින් මෙය සිදුකර තිබේ.

ඒ අනුව, පහත සඳහන් පනත් හා නියෝග සංශෝධනය කිරීම පිණිස වන කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇත.

  • 1954 අංක 19 දරන (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේව්‍ය හා වේතන විධිමත් කිරීමේ) පනත
  • 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත
  • (135 අධිකාරිය වූ) අවම වේතන (ඉන්දියානු කම්කරු) ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනත
  • 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥාපනත
  • 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනතේ ප්‍රතිපාදන අනුව 1958-10-31 දිනැතිව අංක 11573 දරන රජයේ අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් ප්‍රකාශයට පත් කරන ලද නියෝග

කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබේ.

Related posts

මනෝ ගනේෂන් රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කර මැතිවරණ නීති කඩ කරමින් පත්වීම් දෙයි

colombotoday

නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් ඉවතට

colombotoday

ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක්

colombotoday

අමාත්‍ය මහින්දානන්දට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත​ට

colombotoday

සජබේ උද්ඝෝෂණ ව්‍යාපාරය නවතන්නැයි පොලිසි 18ක් කල ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉවත දමයි

colombotoday

ලංකාවේ 65කගේ නම් පැනමා බදු වංචා ලයිස්තුවේ… සම්පූර්ණ වාර්තාව එළියට එයි

colombotoday