Colombo Today Local News

මිලින්ද මොරගොඩ ඇමරිකාවේ ඔත්තුකරුවෙක්. ඉන්දියානු තානාපති ලෙස පත්කිරීමට විරෝදය

ඉන්දියානු තානාපති ලෙස පත්කොට ඇති මිලින්ද මොරගොඩ මහතාගේ පත්කිරීමට එරෙහිව විරෝධය පළ කිරීන බව ජාතික සංවිධාන එකමුතුවෙහි විධායක කමිටු සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මිලින්ද මොරගොඩ මහතා ඇමෙරිකානු රජයේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කොට ඇති බව 2002 සිට ඇමෙරිකානු තානාපතිවරුන් 4 දෙනෙකු විසින් යවන ලද කේබල් පණිවිඩ 150 කට අධික ප්‍රමාණය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන බවයි.

ඒ මහතා නිකුත් කල සම්පුර්ණ මාධ්‍ය නිවේදනය….

ලේකම්තුමා,
උසස් බල තල පිළිබඳ කාරක සභාව,
ශ්‍රී ලංකා පාර් ලිමේන්තුව,
ජයවර් ධනපුර,
කෝට්ටේ,

ගරු ලේකම් තුමනි,

ඉන්දියානු තානාපති ලෙස පත්කොට ඇති මිලින්ද මොරගොඩ මහතාගේ පත්කිරීමට එරෙහිව විරෝධය පළ කිරීම

මිලින්ද මොරගොඩ මහතා ඇමෙරිකානු රජයේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කොට ඇති බව 2002 සිට ඇමෙරිකානු තානාපතිවරුන් 4 දෙනෙකු විසින් යවන ලද කේබල් පණිවිඩ 150 කට අධික ප්‍රමාණය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන බව බොහෝ පාර් ශව විසින් හෙළිදරව්කොට ඇත. ‘Wickileaks’ මඟින් එළිදරව් වූ එම පණිවිඩවල ඔහු ඇමෙරිකානු ඔත්තුකරුවෙකු බව සෘජුව සඳහන් නොවේ. නමුත් එම කේබල් බොහෝමයක යටි පෙළ කියවීමේදී ඒ බව ඉතා හොඳින් පැහැදිලිවේ.

ඊට අමතරව ඔහු රාජ්‍ය දේපළ අවතක්සේරු කොට තමාට හිතවාදී පුද්ගලික ආයතන වලට විකිණීම සඳහා තම අමාත්‍ය බල තල අයුතු ලෙස යොදාගෙන ඇති බව නඩු තීන්දු දෙකකින් ප්‍රකාශයට පත්විය. ඊට අනුව ඔහුට විරුද්ධව නඩු දැමිය යුතු බවට අධිකරණය විසින් නීතිපතිවරයාට දන්වා ඇති බැවින් ඕනෑම අවස්ථාවක ඔහු චූදිතයෙකු බවට පත් කොට අධිචෝදනා බාර දීමේ හැකියාව ඇත. එවැනි පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාල ප්‍රභල බලපෑමක් කළ හැකි රටක මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම මගින් සමස්ථ තානාපති සේවය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බැවින් මිලින්ද මොරගොඩ මහතා අදාල පත් කිරීම සඳහා නිර් දේශ නොකරන ලෙස ඉල්ලා සිටිමි. මෙම ගැටළුව පිළිබඳව ජනමාධ්‍ය වලට මා විසින් නිකුත් කළ ලිපියක පිටපතක්ද මේ සමග අමුණා එවමි.

ස්තූතියි,

මේ වගට,

වෛද්‍ය වසන්ත බණ්ඩාර
විධායක කමිටු සාමාජික,
ජාතික සංවිධාන එකමුතුව.

2020.09.13

Related posts

අජිත් ප්‍රසන්න යලි රිමාන්ඩ්

colombotoday

“ඕනම ගොනෙකුට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හදන්න බෑ“ – GMOA

colombotoday

හදිසි නීතිය අවලංගු කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

මැයි 9 ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් තවත් 10ක් අත්අඩංගුවට

colombotoday

Video: ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ජනපතිවරණයට බාධාවක් නොවේ.

colombotoday

කුරාණය, හදීස්, ෂරියා නීතිය හැර මුස්ලිම් ජාතිකයන්ට වෙනත් නීතියක් නෑ. බහු විවහා කර ගන්නේ පිහිට වෙන්න. අසාත් සාලි තප්පුලයි

colombotoday