Colombo Today Local News

බුස්සේ රදවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.

අද (10) උදෑසන සිට එම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත ව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින රැඳවියන් 45 දෙනෙකුගෙන් 39 දෙනෙකු මෙලෙස වර්ජනයේ නිරත ව සිටින බව සඳහන් ය.

වර්ජනයේ නිරත ව සිටින රැඳවියන් අතරට “කංජිපානී ඉම්රාන්”,”පොඩි ලැසී” සහ “වෙලේසුදා” ඇතුළු රැඳවියන් වන අතර “පොට්ට නවුෆර්”, “කැවුමා”, “ආමි සම්පත්” ඇතුළු රැඳවියන් 06 දෙනෙකු වර්ජනයට සහය දක්වා නොමැති බව වාර්තා වේ.

කොරෝනා සමයේ ඥාතීන් හමුවීමට නොහැකිවීම හේතුවෙන් ලබාදුන් දුරකථන පහසුකම ඉවත් කිරීම, රැඳවියන් හමුවට එන නීතිඥවරුන් පරීක්ෂා කිරීම, විශේෂ කාර්යය බලකාය විසින් සිදුකරන පරීක්ෂාවන් ඇතුළු කරුණුවලට විරෝධය පළ කරමින් මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත ව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

Related posts

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි

colombotoday

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

colombotoday

මහින්ද පිළේ 15ක් ආණ්ඩුවට එකතු වෙන්න කැමැත්ත පළකරා – රාජිත

colombotoday

දුරදිග ගිය ආරවුලක් තරුණයෙකුට මරු කැදවයි

colombotoday

ජාවාරම් කරුවන් අල්ලන්න ගිය පොලීසියේ තුනකට දෙබර ප්‍රහාරයක්

Admin

ප්‍රධාන රෝහල් ළඟ බෞද්ධ කාන්තාවන්ට පමණක් නොමිළේ කෑම දෙන මේ අය කවුද?

colombotoday