Colombo Today Local News

වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරේ

පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09)දින නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.

ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණි.

එහිදී පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර ඒ සමග දිවයිනපුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශ පවසයි.

මනා ජල කළමනාකරණයක් ඇතිව මැද කන්න සහ අතුරු කන්නවල දී හඳුනාගත් කෘෂිබෝග 17ක් වගා කිරීමට ද යෝජිතය.

එසේම දිවයිනේ වාරිමාර්ග පද්ධති සහ ගංඟා ආශ්‍රිත සියලු වන රක්ෂිත මාස 6ක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වුණි.

Related posts

හාල් කිලෝව 100යි – වී කිලෝව 30 යි

colombotoday

රවී කබීර් ගැටුම උග්‍ර අතට… ලිට්රෝ ගෑස්, රක්ෂණ සංස්ථාව හා ලංකා හොස්පිටල් කොට උඩ

colombotoday

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

නව දුම්රිය ගාස්තු සංශෝධනය ඇමැති අතට

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ

colombotoday

මින්පසු ඇමතිලාට හිතු මනාපේ වැඩ බෑ… රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම විද්වත් මණ්ඩලයකින්…

colombotoday