Colombo Today Local News

අටලුගම දී පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

බණ්ඩාරගම, අටලුගම, මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ප්‍රදේශයේ නිවසක් තුළ ගංජා ජාවාරම් සිදුකරන බවට බණ්ඩාරගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණි.

ඒ අනුව අද (09)දින උදෑසන 8.30ට පමණ එම නිවස වැටලීමට ගිය අවස්ථාවේ දී එහි සිටි කාන්තාවන් සිව්දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 4 දෙනෙක් වැටලීම් රාජකාරීවලට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ට පහර දුන් බව පොලීසිය පවසයි.

එම පහර දීමෙන් උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, කාන්තා පොලිස් සැරයන්වරියක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලබා ඇත.

ඒ අනුව, පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයෙක් බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මරණ දඩුවමට අලුත් සංශෝධනයක්

colombotoday

කැබිනට් ඇමැතිවරු 18ක් දිවුරති. රනිල්ගේ ඇමැති මණ්ඩලය මෙන්න

colombotoday

වසරකට දරු උපත් 35,500යි… නීති විරෝධී ගබ්සා 36,500යි

colombotoday

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

colombotoday

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

colombotoday