Colombo Today Local News

නැගෙනහිර මුහුදේ ඉන්ධන රැගත් නෞකාවක ගින්නක්

අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

“MT නිව් ඩයමන්ඩ්” නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අවශ්‍ය පියවර නාවික හමුදාව මේ වන විටත් ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම නෞකාව පැනමාවට අයත් වන අතර එය ඉන්දියාව බලා යමින් සිටිය බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරය සඳහන් කළේ.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත යවා ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

Related posts

අගමැති විශේෂ ප්‍රකාශයකට සැරසෙයි !

colombotoday

“ණය ගෙවන්න තියනවා.. තව බදු ගහන්න වෙයි“ – අගමැති

colombotoday

සිරිකොත දරුණුවටම ඇවිළෙයි… තිස්සගෙන් සැර ලිපියක්… සජිත්ගේ කකුලෙන් ඇද වැට්ටවූ හැටි මුල සිට අගට කියයි….

colombotoday

අයි.එම්.එෆ්. එක හංගලා ගහන ගේම්වලට මම යට උනේ නෑ – රවී කරුණානායක

colombotoday

ඇඳිරි නිතිය මුළුමනින්ම ඉවත් කෙරේ

colombotoday

ගෝඨා සහ වාසු අතර එකඟතාවයක්

colombotoday