Colombo Today Local News

ගංජා වලින් බෙහෙත් හදලා රට යැව්වොත් වැඩි විදේශ විනිමයක් ගොඩගන්න පුළුවන්

ගංජා පදනම් කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය කොට අපනයනය කළහොත් සියලුම අපනයන භාණ්ඩවලට වඩා වැඩි විදේශ විනිමයක් උපයාගැනීමට හැකිවනු ඇතැයි, පශ්චාත් උපාධි පර්යේෂණාත්මක නිබන්ධනයක් මඟින් පෙන්වාදී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

විස්මයට පත්වන සටන් කලාවක් සහිතව ඉතා ශක්තිමත් ලෙස අධිරාජ්‍ය විරෝධීන්ට එරෙහිව සටන්වැදීමට කංසා භාවිත කළ නිසා බ්‍රිතාන්‍යන් විසින් ලංකාවේ කංසා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ බව පැවැසූ අමාත්‍යවරයා ලෝකයේ වෙනත් රටවල කංසා ඉතා බහුල අපනයන භාණ්ඩයක් යැයිද ඔහු පවසා සිටියා.

සාම්ප්‍රදායික බටහිර වෙළෙඳපොළ වෙනුවට අප්‍රිකානු මෙන්ම ආසියානු ජාත්‍යන්තර වෙළෙඳපොළ කරා ගමන් කිරීමට මෙරට වෙළෙඳපොළ විවිධාංගීකරණය කළ යුතු යැයිද අමාත්‍යවරයා සඳහන් කළේ කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

Related posts

“එළවන්න කලින් යනවනම් යන්න” ජනපති නියෝජ්‍ය ඇමතිවරුන්ට දෙහි කපයි

colombotoday

බැදුම්කර මගඩියට අමතරව, අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 66ක් ගසා කාලා.. විගණන වාර්තා මෙන්න

colombotoday

උත්සව සමයේ ව්‍යාජ මුදල් සැරිසැරීමේ අවදානමක්

colombotoday

CID පරීක්ෂණ නවතා ගිණුම නිදහස් කරන්නැයි බැදුම්කර සමාගම නඩු දමයි !

colombotoday

වෙසක් සැමරීම අහිමිවී යද්දි යම් සැනසීමක් හෝ බෞද්ධයාට දෙන්න ඥානසාර හිමි නිදහස් කරන්න. උලපනේ සුමංගල හිමි ඉල්ලයි

colombotoday

කරන්දෙණිය දිසා රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම අද සිට

colombotoday