Colombo Today Local News

මහනුවරට භූ චලනය පිලිබඳ පරීක්ෂණයක්

මහනුවර අනුරගම හාරගම ඇතුළු  ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ දැණුනු භූ චලනයක් වැනි සිදුවිම සම්බන්ධයෙන්  අද (30) විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය පවසයි.

මහනුවර ඇතුළු ප්‍රදේශවලට විශාල ශබ්දයක් ඇසුණු බවත් එය හරියට බෝම්බයක් පිපිරෙන ශබ්දයට සමාන බවත් ප්‍රදේශවාසීහු සඳහන් කළහ.

මේ සම්බන්ධයෙන් අදහස්  දැක්වූ ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරන්නේ මෙම  සිදුවීම හේතුවෙන් තම නිවස ද ඉරි තලා ගොස් ඇති බවයි.

කෙසේ නමුත් ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරන්නේ  බෝම්බයක් පුපුරණ ශබ්දයට සමාන ශබ්දයක් ඇසුණු බවත් ඒ සමඟ තම නිවාස හෙල්ලෙන්නට පටන් ගත් බවත් පසුව පොළොව යටින් යමක් දිව යන ආකාරයේ කම්පනයක් දැනුණ බවයි.

කෙසේ නමුත් මෙය  කුමන සිදුවීමක් ද යන්න සොයා ගැනීමට පරීක්ෂණ සිදු කරන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය ප්‍රකාශ කරයි.

 

Related posts

ලන්ඩන් ප‍්‍රහාරකයා ශී‍්‍ර ලාංකික සංක්‍රමණිකයෙක්

colombotoday

සහරාන්ගෙ වනාතවිල්ලුව වත්තේ කොස්තාපල්වරුන් නිධන්හාරලා

Admin

නාඳුනන කාන්තා මළසිරුරක් හමුවෙයි

Admin

අවිනීත රියදුරෙක් රාජගිරියේදී ජීවිත දෙකක් බිලිගනී

colombotoday

අද පැවැත්වීමට තිබූ විරෝධතා පා ගමනකට අධිකරණ නියෝගයක්

colombotoday

ගෝඨාගේ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday