Colombo Today Local News

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි 25 ක් !

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් විසින් තවදුරටත් එම ක්‍රියා මෙහෙයවීම අපරාධ මර්දන ක්‍රියාවලියට දැඩි බාධාවක් වී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 136 දෙනෙකු මේ වන විට බන්ධනාගාර හෝ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින අතර ඔවුන් සියලුදෙනාම ආරක්ෂා සහිතව සිය කටයුතු මෙහෙයවමින් සිටින බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

බස්නාහිර පළාත තුළ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 25ක් ක්‍රියාත්මක වන බවට හඳුනාගෙන ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහා කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව පැවසීය.

Related posts

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin

දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණයක්

Admin

පොලිස් නිලධාරියෙකුට පහර දුන් කතක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

මහ වැසි අස්සේ එළවළු මිලත් ඉස්සේ…

colombotoday

යහපාලනයෙන් වැඩක් නෑ කියා නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ විපක්ෂයට එක්වෙයි

colombotoday