Colombo Today Local News

මුහුණු පොත හරහා අලෙවි ජාවාරම් කල සිව් දෙනෙකු අත්අඩංගුවේ

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කර අලෙවි ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මොවුන් විසින් කඳාන, ජා ඇළ සහ වත්තල යන ප්‍රදේශවල යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කර ඒවාට ව්‍යාජ අංක තහඩු යොදා අඩු මුදලට වෙනත් පුද්ගලයින්ට අලෙවි කර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එලෙස සොරකම් කරන ලද යතුරුපැදි 13ක් සහ ත්‍රිරෝද රථ 03ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ෆේස්බුක් පිටුවක් යොදාගනිමින් අඩු මිලට යතුරුපැදි අලෙවි කරන බවට සඳහන් කර මෙම ජාවාරම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

Admin

කන්දකැටියේ නිවසකින් පුපුරණ දව්‍ය හා උපකරණ සොයා ගනී

Admin

නාමල්ගේයැයි කියා FCID අත්අඩංගුවට ගත් මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී

colombotoday

මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් ඉහළට

colombotoday

අපි පාස්කු ප්‍රහාරට අලුත් පරීක්ෂනයක් කරනවා

Admin

කංසා තහනම ඉක්මනින් ඉවත් කලයුතුයි! දේශීය වෛද්‍ය සංගමය දැඩිව කියයි.

colombotoday