Colombo Today Local News

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුව විභාගකොට අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(25) තීරණය කළේය. මේ අනුව එම නඩු තීන්දුවට දින නියම කිරීමට පෙර, වැඩිදුර පැහැදිලි කිරීම් ලබන ඔක්තෝම්බර් 21 වනදා සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත. 

සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විය. 

2018 වසරේ අගෝස්තු මස 21 වන දා එවක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණි. හිටපු අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය තුළින් ඔහු මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ හැරීමට ක්‍රියා කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් වන සුනිල් පෙරේරා යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

Related posts

අවසර නොමැතිව ජනපති රුව භාවිතය තහනම්

Admin

74 වන අභිමාවත් නිදහස් දිනය අදයි..

colombotoday

තිස්ස අත්තනායකට නඩු !

colombotoday

විදේශ සේවා කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය

Admin

ක්‍රිකට් තරඟ පාවාදීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

කුණු කන්දට යටවූ ජීවිතවල වටිනාකම රුපියල් ලක්ෂයද.. ආණ්ඩුවට තවත් විරෝධයක්

colombotoday