Colombo Today Local News

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට තමාගේ නම යෝජනා කෙරූ ලිපිය වේදිනිගම හිමි ඉල්ලා අස් කරගෙන

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා අත්තනෝමතික ලෙස තමාගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත වේදිනිගම විමලතිස්ස හිමි විසින් බාරදී තිබූ ලිපිය දිවුරුම් ප්‍රකාශයක් මගින් පසුගිය 18 වනදා ඉල්ලා අස් කරගෙන ඇති බව වාර්තා වෙනවා.

එම ලිපිය ඉල්ලා අස්කරගෙන මන්ත්‍රී ධූරය සඳහා පුජ්‍ය අතුරලියේ රතන හිමිගේ නම යෝජනා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අපේ ජන බල පක්ෂයේ ලේකම් ධුරයෙන් වේදිනිගම විමලතිස්ස හිමි පසුගිය 7 වනදා උදෑසන 8 සිට බලපැවැත්වෙන පරිදි ඉවත්කර තිබීම හේතුවෙන් කිසිදු පත්කිරීමක් හෝ එම පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමක් නිත්‍යානුකුල නොවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පක්ෂයේ වර්තමාන ලේකම් නිශාන්ත රත්නායක මහතා විසින් පක්ෂයේ අනුමැතියෙන් නම් කෙරු පක්ෂ සභාපති සමන් පෙරේරා මහතාට අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය හිමිවීමට ඉඩකඩ ඇති අතර පත්වූ වහාම ඉල්ලා අස්වී තමාගේ අසුන පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබා දෙන බවයි ඒ මහතා පසුගියදා මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේ.

Related posts

මියගිය මසුන් ලක්ෂ ගණනක් නැගෙනහිර වෙරළට ගොඩගසයි… මහ විපතක පෙරනිමිතිද?

colombotoday

චන්ද්‍රිකා සමග මංගලගේ කල්ලිය රනිල් අගමැති කිරීමේ මෙහෙයුමක

colombotoday

මැතිවරණයට දින තුනකට පෙර අර්ජුන් ඇලෝෂියස් අත්අඩංගුවට

colombotoday

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

colombotoday

ජනතාවට සහන දෙනවා වැඩී නේද කියා විපක්ෂය අහනවා

Admin

ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට

Admin