Colombo Today Local News

සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් ගැන අගමැතිගේ අවධානය

සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇත.

නිවේදනයක් නිකුත් කරමන් අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ බව සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් 46 දෙනෙකු මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාරවල සිටින බවට පළ වු මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා එම දරුවන්ට නිදහස ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයාබලන ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට උපදෙස් ලබා දී ඇත.

වයස අවුරුදු 5ට අඩු මෙම දරුවන් 46 දෙනා දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මව්වරුන් භාරයේ අධිකරණ නියෝග මත රඳවා ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් ගනු ලැබූ ඉදිරි පියවර පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට අදාළ තොරතුරු රැස් කරමින් සිටින බවය.

දරුවන්ට නිදහස ලබාදීමට අවශ්‍ය නෛතික පසුබිම හා ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ඉදිරියේ දී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබේ.

Related posts

NGO පදයට නටන, රටට වැඩක් නැති මංගල ඉවත් කරන්න – ජනපතිට යෝජනාවක්

colombotoday

අකිලගෙන් අධ්‍යාපනය ගැලවෙයි.. රාජිත සෞඛ්‍යම ඉල්ලයි.. බුද්ධිකටත් නි.ඇමතිකමක් !

colombotoday

අළුත් ව්‍යවස්ථාවෙන් ජාතික කොඩිය වෙනස් කරන්න, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කරන්න නිර්දේශ කෙරේ

colombotoday

ගවයන්ට, බල්ලන්ට, සිඟන්නන්ට කොළඹ දොර වැසේ.

colombotoday

දේශබන්දු මාගේ නිවසේ නැත! කරුණාකර ඔබේ ඇඳ යට පරීක්ෂා කරන්න

colombotoday

ගෙවුණු මාස 5 තුළ මෙරටින් HIV ආසාදිතයන් 13ක්

colombotoday