Colombo Today Local News

බෞද්ධ විශ්වවිද්‍යාල දෙකක් අධ්‍යාපන අමාත්‍යංශය යටතට පැවරීමට ජනපතිගේ තීරණයක්

ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සහ බුද්ධ ශ‍්‍රාවක භික්ෂු විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යංශය යටතට පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ඒ, මහා සංඝරත්නයේ ඉල්ලීම අනුවයි. ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවැති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ 05 වන සභාවාරයේදී ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

රාජ්‍ය අමාත්‍යංශ ව්‍යූහය සකස් කිරීමේදී බෞද්ධ අනුශාසනා පාදක කරගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේදී තමන් ඉදිරියටත් මහා සංඝරත්නයේ මගපෙන්වීම අපේක්ෂා කරන බවයි.

දහම් පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාලවල උන්නතිය උදෙසා එම ආයතන එක් රාජ්‍ය අමාත්‍යංශයක ඍජු අධීක්ෂණයට පත්කළ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

Related posts

දැරියක් ලිංගිකව විකුණු සහ මිලදී ගත් පිරිසක් අත්අඩංගුවට. – චිවරධාරියෙකුත් ඒ අතර

colombotoday

චැනල් 4 චෝදනා ගැන ගෝඨාභය පිළිතුරු දෙයි

Admin

ජනපතිගෙන් ඉල්ලීමක්

Admin

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday

ජනපතිට පිට කොන්දක් තිබේනම්, කරන්න ඕන දේ කියයි !

colombotoday

වහාම මිහින්තලය පුද්බිමට ආරක්ෂාව ඉල්ලා මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Admin