Colombo Today Local News

නාකොටික් නිලධාරීන් 31 තෙක් තවදුරටත් රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18)දින නියෝග කළේය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

ඔවුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බවත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් නොකරන බවටත් අධිකරණයට වාර්තා කර තිබේ.

ඉන් අනතුරුව පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.

අනතුරුව සැකකරුවන් 13 දෙනා ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

Related posts

දූෂණ මර්ධනය වෙනුවට දූෂණ වර්ධනය ! දූෂණ මර්ධන කාර්යාලය වසා දැමූ හේතුව මෙන්න..

colombotoday

EPF, ETF, GRATUITY බද්ද අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි !!

colombotoday

සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් අල්ලයි

Admin

මත් පැන් සාදය මරණින් අවසන් වෙයි

Admin

වීරකැටියෙ සුනිල් සහ ධර්මේ, දම්පල ගජනායක, පල්ලිකුඩා උක්කුං ඝාතනය කිරීමට සම්බන්ධ ආමි අමිල අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ පීසීආර් වාර්තා පැය තුනෙන් නිකුත් කරන මධ්‍යස්ථානය විවෘතවේ

colombotoday