Colombo Today Local News

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව එක් කර නායකත්වය මහින්දට ගන්නැයි යෝජනාවක්

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක් පක්‍ෂයක් වී එහි නායකත්වය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටද සුදුසු තනතුරක් ඉදිරියේදී ලබා දෙනු ඇති බවයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ වර්තමාන කාර්ය භාරය පිළිබදව ද කොලොන්නේ පැවති ජනහමුවකින් පසු අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා.

එහිදී සඳහන් කළේ “හිටපු ජනාධිපතිනිය දැන් අවලංගු කාසියක්…දේශපාලනයේ. එතුමිය සිය සතුරන්ගේ ඔත්තුකාරියක්. ඒ නිසා එතුමියගේ වචනයට දැන් අපි ගාව ඉඩක් නෑ. එතුමියගෙන් ලබා ගන්න පුළුවන් කෙහෙල්මල් සහයක් අපිට නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන අපිම බලා ගන්නම්.” යනුවෙනි.

බොහෝ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටළුවකටද ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් විසදුම් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.

ගම්මිරිස් සදහා ඉදිරියේදී ගොවියාට සතුටු විය හැකි මිලක් ලැබුනු ඇතැයිද අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

Related posts

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

අනාථ අපට රජයෙන් සහන නෑ.. අරණායක අවතැන්වූවෝ ඇමති දෙදෙනෙක් වටකරගෙන උද්ඝෝෂණයේ !

colombotoday

ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවතට, පූජක ලොක්කා ළගදීම ලංකාවට

colombotoday

අද ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

සහල් හිඟය තව මාසයක් තියනවා නියෝජ්‍ය ඇමති කියයි

Admin

සන්හිදියාවට මුවාවී යාපනය විශ්වවිද්‍යාලයේ සදා තිබූ අනවසර කොටි සැමරුම් ස්මාරකය ඉවත් කර දමයි. – Photos

colombotoday