extremism & terrorism activitiesWorld

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවදිගෙන් බන්ධනාගාරයකට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද්හී බන්ධනාගාරයක දී ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුමකින් ඉස්ලාමීය රාජ්‍යය(IS) ත්‍රස්තවාදීන් දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පෙදෙසේ නගරයක් වන ජලාලාබාද්හි පිහිටි බන්ධනාගාරයකට ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය.

බන්ධනාගාරය අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට පත් වූ අතර ගැටුම හේතුවෙන් සිරකරුවන් සිය ගණනක් පැන ගියහ.

ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාරවලින් 29 දෙනකුට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර ත්‍රස්තවාදීන් සහ ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් ඇති වී තිබේ. බන්ධනාගාරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරිදා පස්වරුවේ ය.

මෙම ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සඳහා තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින මොහොතකය. තලේබාන් සංවිධානය, ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ට එරෙහිව සටන් වදින බව ද කියයි.

සිරකරුවන් 300ක් පමණ තවමත් නිදැල්ලේ පසුවන්නේ යැයි නන්ගහාර් පළාතේ ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රධානී අතාවුල්ලා කුග්යානි පැවැසීය. බන්ධනාගාරයේ සිරකරුවන් 1,793ක් සිටි බවත් ඔවුන්ගෙන් 1,025 දෙනකුට වැඩි පිරිසක් පැන යෑමට උත්සාහ කළ බවත් හෙතෙම කීය. ඔවුන්ගෙන් බොහෝදෙනකු අල්ලාගත් බවත් සිරකරුවන් 430 දෙනකු බන්ධනාගාරය තුළ සිටි බවත් ඔහු කීවේය.

“ඉතිරි පිරිස අතුරුදන්” ඔහු තවදුරටත් කීවේය.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ ඇත්තේ දසදෙනකු බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශවල ප්‍රහාරවලින් ඔවුන් සියලු දෙනාම මියගිය බවත් එරට ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි. එහෙත් 30 දෙනකු-ට ආසන්න පිරිසක් මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ කීහ.

ප්‍රහාරයේ වගකීම ඉස්ලාමික් ස්ටේට් සංවිධානය බාරගෙන තිබිණි. ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියකු ඇෆ්ගන් විශේෂ බළකා එල්ල කළ ප්‍රහාරයකින් මියගිය බව එරට බුද්ධි අංශ නිවේදනය කළ අතර ඉන් දිනකට පසු මෙම ප්‍රහාරය එල්ල විය.

කාර් බෝම්බයක් පුපුරුවා හරිමින් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් බන්ධනාගාරය තුළට ඇතුළු වී තිබෙන අතර ඉන් අනතුරුව ත්‍රස්තවාදීන්, වෙඩි තබමින් බන්ධනාගාරය ඔවුන්ගේ පාලනයට ගෙන ඇත. මෙම බන්ධනාගාරයේ අයි.එස්. ත්‍රස්තවාදීන් රැසක් ද රඳවා ඇත. පසුගිය මාසයේ කරන ලද මෙහෙයුමකින් ඔවුන් අල්ලා ගෙන තිබිණි. ඊට අමතරව තලේබාන් ත්‍රස්තවාදීන් සහ අනෙකුත් අපරාධකරුවන් ද මෙම බන්ධනාගාරයේ රඳවා ඇත.

බන්ධනාගාරයේ ස්ථානයක සිර වී සිටින සිරකරුවකු සම්බන්ධ කරගැනීමට රොයිටර්ස් පුවත් සේවය සමත්ව තිබිණි. මළසිරුරු හතරක් බිම වැටී තිබෙන අයුරු දක්නට ඇති බව එම සිරකරු පවසා තිබිණි.

“අපිට ගොඩක් බඩගිනියි. ගොඩක් රස්නෙයි. අපිට වතුරත් නැහැ” යැයි ඔහු රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබිණි.

“ඒක පාරටම හරි නිශ්ශබ්දයි. ඊට පස්සේ එකපාරටම වෙඩි තියන්න ගන්නවා. ආරක්ෂක අංශවලට ඉස්සරහට යන්න බැහැ. ප්‍රහාරකයෝ ඕනෙම තැන් ටික අල්ලගෙන. මුර අට්ටාලත් ඔවුන් අල්ලාගත්තා” යැයි හෙතෙම කීය.

මෙම ප්‍රහාරයෙන් සහ ආරක්ෂක අංශ කළ වෙඩි තැබීම්වලින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා විය.

රොයිටර්

Related posts

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පාසල් ළමුන් 140 පැහැරගෙන

colombotoday

ISIS ත්‍රස්තයන්ට ආගමික නීති 15කින් යුතු “ස්ත්‍රී දූෂණ අත්පොතක්” හදුන්වාදෙයි

colombotoday

යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක්

colombotoday

ස්ප්‍රේ, චුයින්ගම්, චාර්ජ් කරන සිගරට් : පාසල් දරුවන් බිලිගන්නා අලුත්ම “මත් ක්‍රම” මෙන්න

colombotoday

මරණ පුච්චන එක පාප කර්මයක්. අපේ රට ගත්තේ අන්තවාදී තීන්දුවක්. | සජිත් ප්‍රේමදාස මුස්ලිම් මරණවලට විශේෂයක් කරන්නැයි ඉල්ලයි.

colombotoday

අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට ගත් ට්‍රම්ප්ගේ තීරණය අත්හිටුවයි

colombotoday