Colombo Today Local News

නාකොටික් නිලධාරියෙකුගේ ගිණුම්වලින් ලක්ෂ 240ක් අරන්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් මුදල් විශුද්ධිකරණය කළේ යැයි සැකපිට දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් ගොනු කර ඇති තවත් පැමිණිල්ලක් අද (04)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරියෙකු වන සමන් කුමාර ජයසිංහ නමැති සැකකරුගේ බැංකු ගිණුම්වලින් රුපියල් 24,195,680 ක මුදලක් අවස්ථා 53 කදී ලබා ගෙන තිබෙන බව විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

මෙම සැකකරුගේ සමිපතයකු වන දැනට රැඳවුම්භාරයේ පසුවන සුමේධ පීරිස් නමැත්තා සතුව තිබී රත්‍රං තොගයක් අත්අඩංගුවට ගත් බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

එමෙන්ම මෙම සැකකරුවන් භාරයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ව්‍යාජ යැයි සැකකෙරෙන රුපියල් 5000/- මුදල් නෝට්ටු තිස් දෙකක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමුකර විමර්ශන සිදුකිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

එහෙත් මෙම අවස්ථාවේ සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති හෙයින් මෙම ඉල්ලීම්වලට අදාළ නියෝග අද දින නිකුත් නොකරන බව සඳහන් කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම ඉල්ලීම් මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන්නේය.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

Related posts

විගණන පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය දෙයි

colombotoday

ඉන්දීය අගමැතිට අගමැති මහින්දගේ ප්‍රණාමය

colombotoday

“ශ්‍රීපාදයේ මගේ හෝටල් නෑ.. මගේ ඉඩම් හම්බන්තොට“ – බැසිල්

colombotoday

ප්‍රබල ඇමතිගේ දියණිය අල්ලස් අරන් අගමැතිට මාට්ටු !!

colombotoday

අජිත් P පෙරේරා ජන්ද ගන්න තමන්ගේ ජාතකෙත් වෙනස් කරා – තෙවරප්පෙරුම

colombotoday

ඇමති බෑණාගේ විවාහ මගුලට නිවාස අධිකාරියෙන් ලක්ෂ 16ක් ! (Video)

colombotoday