Colombo Today Local News

මුස්ලිම් කියා වෙනම නීතියක් එපා.. අවසානයේ වෙනම රටකුත් දෙන්න වෙයි – මුසම්මිල්

මුස්ලිම් නීති, කාති උසාවි අහෝසි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය අපේක්ෂක ඉමිතියාස් බාකිර් මාකර් මහතා විසින් සිදුකළ ප්‍රකාශය හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

ඉමිතියාස් බාකිර් මාකර් වැනි සිංහල උගත් සිංහල භාෂාව හොදින් හසුරුවන සහ සිංහල ජනතාවගේ ප‍්‍රසාදයටද පත් වූ කෙනෙක් මෙවැනි අන්තවාදී මතය දැරීම ගැන තමා කනගාටු වන බවද ඔහු සදහන් කරයි.

එක රටක් තුළ තිබිය යුතුය එක නීතියක් බවත් ජාතීන් වශයෙන් බෙදා වෙන වෙනම නීති ඇති කරන්න ගියොත් සිංහලයන්ට වෙනම සිංහල නීතියක් දෙමළ ජාතිකයන්ට වෙන දෙමළ නීතියක් ආදී ලෙස නීති සකසන්නට වනු ඇතැයිද ඔහු පැවසීය.

අවසානයේ එම වෙනම නීති ක්‍රියාත්මක කිරීමට ජාතීන් වශයෙන් වෙනම රටක් යන තත්වයට වෙන්වීමේ තැනක් දක්වා මෙය යා හැකි යැයි ද ඔහු පෙන්වා දෙයි.

එනිසා ශ්‍රී ලංකාව රටක් විදිහට එක රටක් එක නීතියක් යටතේ ක්‍රියාත්මක විය යුතු බව ද ජාතීන් හෝ ආගම් වශයෙන් වෙනම නීති අවශ්‍ය නැති බවත් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

මල්ලිට බැරිනම් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. මේ එංගලන්ත රජ පවුලද ? මහින්දට පසු ජ්‍යේෂ්ඨයා මමයි

colombotoday

නිවසේ නිදා සිටි තරුණියට වහලෙන් පෙට්ට්‍රල් දමා ගිනි තියලා

colombotoday

සාලිය ද? කුවේරා ද? තීන්දුව අනිද්දා. වැඩි වාසි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට

colombotoday

ත්‍රීරෝද රථයක ගැටී තවත් හඳුන් දිවියෙකු මියයයි

colombotoday

යතුරුපැදියක් බසයක ගැටී 16 හැවිරිදි සිසුවියක් මරුට

Admin

දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin