World

අමෙරිකාවේ කොවිඩ් මරණ ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

ලොව පුරා පැතිර ඇති කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් මේ වනවිට වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ අමෙරිකාව යි.

මේ වනවිට එරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණන 150,000 ඉක්මවා ගොස් තිබේ. මරණ තවත් ඉහළ යා හැකි බවට වෛද්‍ය අංශ අනතුරු අඟවති.

අමෙරිකාවෙන් ප්‍රථම කොවිඩ් මරණය වාර්තා වූයේ පෙබරවාරි 29 වනදා ය. දින 54කට පසු එරට කොවිඩ් මරණ ගණන 50,000 ඉක්මවීය. එතැන් සිට දින 34ක් තුළ කොවිඩ් මරණ ගණන 100,000 සීමාව ඉක්මවා යනු දැකිය හැකි විය.

ඒ මැයි 27 වනදා ය. එතැන් සිට 150,000 සීමාව ඉක්මවා යෑමට දින 63ක් ගතවී තිබේ.

ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල දත්ත අනුව ලොව පුරා මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා මරණවලින් 20%ක් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙනි.

“මම හිතන්නේ රටක් වශයෙන් අපිට නොහැකි වෙලා තිබෙනවා මෙම ගැටලුව පාලනය කරන්න. ඒ වගේම මෙම මරණ වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය නොදීම පිස්සුවක්. මට ඒක කණගාටුදායක දෙයක්. දැන් අපි බැලිය යුත්තේ තවත් 150,000ක් මියයෑම වළක්වා ගන්නේ කෙසේද කියලා.”

හාවඩ් ග්ලෝබල් සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරිය වන වෛද්‍ය අශීෂ් ජා එසේ පැවසුවාය.

“මම හිතන්නේ අපිට ඒක පුලුවන්. නමුත් අපි ඒකට මහන්සි වෙන්න ඕනේ.”

Related posts

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

Admin

ඉස්ලාම්, බංග්ලාදේශයේ නිල ආගම ලෙස තවදුරටත් පිළිගත යුතුද? නැද්ද? බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය සළකා බලයි

colombotoday

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

ජපානයේ ප්‍රබල නායයෑමකින් 20ක් අතුරුදන්

colombotoday

රුසියාවෙන් යුක්‍රේනයේ නගර කිහිපයකට ප්‍රහාර – ප්‍රහාරක ජෙට් යානා 5ක් සහ හෙලික්ප්ටරයක් බිම දැමූ බව යුක්‍රේනය කියයි.

colombotoday

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

colombotoday