රියදුරු බලපත්ර ලිඛිත පරීක්ෂණය සමත්කර දීම සඳහා රුපියල් 5,000ක අල්ලසක් ලබාගත් හම්බන්තොට මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයේ සංවර්ධන සහකාරවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු අද (29)දින අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද දින එම කාර්යාලයේ පැවති රියදුරු බලපත්ර ලබාදෙන එක් දින සේවාවේ දී මෙම අල්ලස ලබාගෙන ඇති බව වාර්තා වේ.