Colombo Today Local News

ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර ශ්‍රී දළදා මාලිගාව අභියසින් දකුණු දිශාභිමුඛව පිටත්වීම ඊයේ රාත්‍රියේ ඇරඹුණි.

පෙරහැර දළදා විදිය, ඩි.එස්. සේනානායක විදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ විදිය, යටිනුවර විදිය, සේනානායක විදිය ඔස්සේ ගම්න්ගත් බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ජනතා සහභාගිත්වයෙන් තොරව මෙම ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වීමට සිදුව ඇති මුත් පෙර පැවති පරිදිම සියලු අංග ඇතුලත්ව පෙරහැර පැවැත්වුණු බව ඒ මහතා සදහන් කර සිටියි.

සතර මහ දේවාලයන්හි සුභ නැකතට කප් සිටුවීමෙන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පසු ගිය 21 වනදා ආරම්භ විය.

දේවාල අභ්‍යන්තර පෙරහැර 21 දින සිට 24 දින දක්වා පැවැත්විණි. කුඹල් පෙරහැර දින පහක් වවිදි සංචාරය කිරීමෙන් පසු 30 දින ප්‍රථම රන්දෝලි පෙරහැර විදි සංචාරය අරඹයි.

Related posts

“ලංකාව අද ලෝකෙට විහිළු සපයන රටක් වෙලා.. අපට මොකද වුණේ“ – බෙල්ලන්විල නාහිමි

colombotoday

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලෙන් ඇඟලුම් කර්මාන්තය කොට උඩ?

Admin

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිය අද ඇරඹේ – ජනපති හෙට සමුළුව අමතයි

colombotoday

පුරවැසිභාවය නැති ඩයනාට එරෙහි පෙත්සම සලකා බැලීමට දින දෙයි

Admin

අදත් ප්‍රදේශ කිහිපයකට කැස්බෑ සිරුරු ගොඩ ගසයි

colombotoday

රනිල් අගමැති කරන්නෑමයි ජනපති කීවා… ඒවා කොහෙද රනිල් අගමැති නොකර බෑ…

colombotoday