Colombo Today Local News

මොණරාගල භික්‍ෂූන් වහන්සේලා 45ක් ස්වයං නිරෝධායනයට

බඩල්කුඹුර ගල්බඩ පිරිවෙන් විහාරස්ථානයේ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා 45 දෙනෙකු ඇතුළු 72 ස්වයං නිරෝධනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

ඔවුන් එම පිරිවෙන් පරිශ්‍රයේම නිරෝධායනය ලක්කර ඇතැයි මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කරයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හමුදා සෙබළකු සහභාගි වූ ආගමික වැඩසටහනක් මෙම පිරිවෙනේ පැවැත්වී ඇති අතර භික්ෂූන් වහන්සේලා ඔහු සමඟ මයික්‍රෆෝනය හුවමාරු කර ගැනීම නිසා මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම එම සෙබළා ඒ ආසන්නයේ පිහිටි තම මහ ගෙදරට ගොස් ඇති අතර ඔවුන් ද ස්වයං නිරෝධයට ලක් කර තිබේ.

ඔහු මගී ප්‍රවාහන බස් රථයකිනි මුතියතියන්ගන විහාරස්ථානයට ගොස් ඇති අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට ද පැමිණ ඇතැයි හෙළි වී ඇත.

ඒ ඔස්සේ ද විමර්ශන කටයුතු සිදු කර ඇත.

Related posts

ඔක්තෝම්බර් 15 වැනිදා සිට දුම්රිය ධාවනය යළි අරඹයි

colombotoday

නියඟයෙන් වගා හානි වුණු ගොවීන්ට රු.17000ක ඩීසල් නොමිලේ

Admin

කුරාණය ප්‍රශ්න කරන්න ආවොත් ඊළගට කරන දේ මන්ත්‍රී මුජිබර් කියයි (Video)

colombotoday

ජනාධිපති නීතීඥවරුන් පත් කරන්න අයැදුම් පත් කැඳවයි

Admin

“ජන මතයට බිය නැත්තම්, පළාත් පාලන මැතිවරණය තියල පෙන්වන්න” – විමල්

colombotoday

‘‘කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනපති අපේක්ෂකයා නම් කරනවා‘‘

colombotoday