Colombo Today Local News

පොහොට්ටුවෙන් මහ මැතිවරණයට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයක් නෑ ජනපතිගේ වැඩපිළිවෙලට 2/3ක් දෙන්න..- අගමැති මහින්ද

විද්වතුන්ගේ අදහස්වලින් සමන්විත සෞභාග්‍යයේ දැක්ම ප්‍රායෝගික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ඉදිරියේ පිහිටුවන නව රජයේ අරමුණ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සෑම ක්ෂේත්‍රයකම විද්වතුන්ගේ අදහස් එක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් මෙවර මහ මැතිවරණයේදී ඉල්ලා සිටින්නේ 69 ලක්‍ෂයක ජනතාවක් එම වැඩපිළිවෙල අනුමත කර තිබෙන නිසා යැයිද කොළඹදී පැවැති විද්වත් හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණය සඳහා මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් නොකිරීමට හේතු වූයේත් පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම සෑම අංශයකම විද්වතුන්ගේ අදහස් අනුව සකස් කළ ප්‍රකාශනයක් නිසා යැයිද එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙරට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහ කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ අරමුණින් මුදල් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වූ ආකාරයත්, ඒ අවස්ථාවේ විපක්ෂය එම මුදල් පනත පරාජය කරන බවට කළ ප්‍රකාශත් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ලැබුණු පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගනු ලැබුවේ එවැනි විපක්ෂයක් සමඟ රටක් ඉදිරියට ගෙන යාමේ හැකියාවක් නොමැති නිසා බවයි.

ඉදිරියටත් රටේ දියුණූව වෙනුවෙන් විද්වතුන්ගේ ප්‍රායෝගික අදහස් බලාපොරොත්තු වන බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු විද්වතුන් පිරිසක් එක්වූහ.

Related posts

ළමා නිවාසෙක දැරියන් 18ක් අපයෝජනයට ලක්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට !

colombotoday

ව්‍යවස්‌ථා සම්පාදක සභාවෙන් ඊළමට දොරවල් අටක්‌!

colombotoday

හෙරොයින් කිලෝ 7ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමයි

colombotoday

රනිල් අලියාගෙන්, සජිත් දුරකථනයෙන් මැතිවරණ සටනට !

colombotoday

14 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්

Admin