Colombo Today Local News

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ වතුරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් හට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් ඇප කොන්දේසී ලිහිල් කිරීම සහ ඉදිරි නඩු කටයුතුවල දී සහය දැක්වීම වෙනුවෙන් අදාළ පොලිස් පරීක්ෂකවරයා ඔහුගෙන් අල්ලස් ලෙස රුපියල් 15,000ක මුදලක් ඉල්ලා ඇති බව සඳහන්ය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (13)දින සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පොලිස් පරීක්ෂකවරයා ගම්පහ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව එම කොමිසම සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේදී සංගණනයක්

Admin

පොහොට්ටුව දිනලා ඉවරයි – අගමැති සටන ඇත්තේ අනුශූරයා වීමටයි. – බැසිල් රාජපක්ෂ

colombotoday

ජනපති තිරුපති ගිහින් අතරමං වෙලා !

colombotoday

හිරුනිකා පේමචන්ද්‍ර මැතිණියගෙන් ගිනස් වාර්තාවක් – ගම්මන්පිල

colombotoday

ජනතාවට අමාරුයි.. ආර්ථිකය මෙහෙයවීම මගේ අතට ගන්නවා – ජනපති

colombotoday

නව බද්දක් නිසා බැංකු පද්ධතිය අවධානමේ

Admin