2019 අප්‍රේල් 26 වන දින කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදු වු බෝම්බ ප්‍රහාරයට අදාළ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අම්පාර උපගරාජය බාර, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (13) උදෑසන 8.30 අම්පාර පොලිස් වසමේ අක්කරපත්තුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ සැකකරු රඳවාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඔහු බෝම්බ ප්‍රහාරය සිදුවන කාලයේ දී කළවන්ච්චිකුඩි පොලීසියේ, රථවාහන අංශයේ ප්‍රධානියා ලෙස සේවය කර ඇත.