Colombo Today Local News

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගෙන් පැය 152කට අධික කාලයක් ප්‍රශ්න කරයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය දින16ක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මෙතරම් දින ගණනාවක් වෙනත් කිසිදු අයෙකුගෙන් කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය ප්‍රශ්නකර නොමැති බවය.

දිනකට පැය 08කට වැඩි කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බවත් ඒ අනුව පැය 152කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ජනාධිපති කොමිසමේ ප්‍රකාශයෙකු සඳහන් කරයි.

නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඉදිරි දිනවලදීත් ප්‍රශ්න කිරීමට නියමිත බව එම ප්‍රකාශකයා පවසයි.

ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙනත් අයකුගෙන් ප්‍රශ්න කර ඇති වැඩිම කාලය දින හතරකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් රහසිගත ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබුණේ 2019 ජුලි 24 වැනි දා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත ස්ථානයකදීයි.

මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද තුන්වන දිනයටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියේය.

Related posts

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කරනු – සහරාන් සමග ගනුදෙනු කල බවට චෝදනා එල්ලවූ රවුෆ් හකීම් ඉල්ලයි.

colombotoday

පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධියට පොලීසියේ තුනක් අත්අඩංගුවට

Admin

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 12.5% කින් ඉහළට

Admin

මුහුණු පොතෙන් බොරු තොරතුරු පැතිරවු දෙදෙනක් අත්අඩංගුවට

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කරයි

colombotoday

විදේශ සංචිත සිදිලා.උද්ධමනය ඉහළ ගිහින්. ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ආසන්නයේ – The guardian ලොවටම කියයි

colombotoday