Colombo Today Local News

පැල්මඩුල්ලේ විහාරස්ථානයක් හා නිවාස දෙකක් නිරෝධායනයට

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු පැල්මඩුල්ල ප්‍රදේශයේ පිහිටි තම නිවෙස්වලට පැමිණ සිටිමෙන් එම නිවෙස්වල සාමාජිකයින් පස් දෙනෙකු සහ විහාරස්ථානයක හිමිවරුන් පස් නමක් අද (10)දින නිරෝධායනයට කර ඇත.

පැල්මඩුල්ල සන්නස්ගම කිරිවැල්දෙනිය සහ පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශවල පිහිටි නිවාස වෙත මෙම පුද්ගලයින් දෙදෙනා නිවාඩුවට පැමිණ තිබේ.

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට කිරිවැල්දෙනිය නිවෙසට පැමිණි පුද්ගලයා ප්‍රදේශයේ විහාරස්ථානයක ද වැඩි වේලාවක් ගත කිරිම හේතුවෙන් එම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා පස් නමක් ද නිරෝධායනයට යොමු කිරිමට පැල්මඩුල්ල සෞඛ්‍ය වෙද්‍ය කාර්‍යාලය කටයුතු කළේය.

පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය ශිරන්ති රණසිංහ මහත්මිය පැවසුවේ කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පැමිණි නිලධාරීන් දෙදෙනා නැවත එම මධ්‍යස්ථානයට ආරක්ෂිතව ලෙස යැවු බව ද වෛද්‍යවරිය පවසයි.

ප්‍රදේශයේ ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවත් මහජනතාව සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කළ යුතු බවත් පි සී ආර් පරික්ෂණයේ ප්‍රතිඵල හෙට (11) දිනලබා දීමට නියමිත බවත් පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය වෛද්‍යවරිය සදහන් කරයි.

Related posts

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් පොලිසිය මහජන සහය පතයි

Admin

මේ සිකුරාදාට අර්ථිකයකට වෙන දේ මෙන්න.. විමල් වීරවංශගෙන් විශේෂ හෙළිදරව්වක් !

colombotoday

බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Admin

උතුරෙන් ප්‍රභාකරන් බලකාය බිහිවේ.. දින 21ක් අැතුළත අස්වෙන්නැයි පොලිස් නිලධාරීන්ට ලිපි !

colombotoday

සිරකරුවන් 11,000ක් නිදහස් කර අවසන්

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට දෙවන වරටත් වරෙන්තු

colombotoday