Colombo Today Local News

සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කර අමානා බැංකුවේ මුදල් තැන්පත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය මුස්ලිම් ජනතාවට දැනුම් දීලා

සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය විසින් මුස්ලිම් ජනතාවට දැනුම් දී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරයි.

එසේ ඉවත් කරගන්නා මුදල් අමානා බැංකුවේ තැන්පත් කරන ලෙසද එම සංවිධානය විසින් ඉල්ලා ඇති බවත් රතන හිමියෝ පැවසූහ.

පසුගියදා දෙහිවල සම්පත් බැංකු ශාකාවේදී බුර්කාව ඉවත් කරන ලෙස එහි ආරක්‍ෂකයන් දැනුම් දීමේ සිදුවීම මුල් කරගෙන මෙම දැනුම් දීම කර ඇති බවද හිමියන් පවසයි.

මෙම අන්තවාදයට විරුද්ධව හඬක් නැඟිය යුතු බවත් අන්තවාදීන්ගේ ව්‍යාපාර වර්ජනය කිරීමට කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කරයි.

රතන හිමියන් මේ අදහස් පළ කළේ ගම්පහ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

Related posts

15 හැවිරිදි දැරියගේ පටිගත ලිංගික දර්ශන මුදලට විකුණලා

colombotoday

කොරෝනා මරණ භුමිදනයට අවසර ?

colombotoday

තොණ්ඩා සහ පොදු ජන පෙරමුණ එකට එකතු වේ

colombotoday

වනාතවිල්ලුවේ වන සංහාරය බැලීමට වන සංරක්ෂණ ඇමති යයි : ඇත්ත හෙළිකළ මාධ්‍යයට රැස්වීමේ දොර වැසෙයි

colombotoday

Covid-19 ඉතාලියේ 148 බිලිගනී… ලෝකය පුරා මියගිය ගණන 3200 ඉක්මවයි…

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගැන සේවකයින්ට දැනුම්දීමක්

Admin