Colombo Today Local News

මගීන් 4ට අඩුවෙන් පටවාගෙන නගරයට ආවොත් අමතර ගාස්තුවක් ගෙවන්න වෙයි!

නගරයට පැමිණෙන වාහනවල අවම වශයෙන් මගීන් 4 දෙනෙකුවත් රැගෙන ආ යුතු බවට වන යෝජනාවක් 2016 අයවැයට ඇතුළත්ව තිබෙනවා.

ඊට අදාළ විධිවිධාන දැක්වෙන්නේ අයවැය කථාවේ 471 අනුඡේදයේයි.

එහි දැක්වෙන්නේ ‘‘දුම්රිය ස්ථානවල මෙන්ම බස් නැවතුම්වල වාහන නවතා තබා යෑමේ පහසුකම් ඇති කිරීම මගින් වඩා හොඳ රථ වාහන කළමනාකරණයකට ඉඩකඩ සැලසෙන අතර මගියාටද පහසුව සැලසෙයි. ලාභදායීද වෙයි. එබැවින් ජා ඇල, අවිස්සාවේල්ල , පානදුර, කඩවත සහ පිළියන්දල තෝරාගත් නගරවල දුම්රිය හා බස් රථ ප‍්‍රවාහනය දියුණු කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යංශයට රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

වාහන නවතා තබා යාමේ පහසුකම් සැලසීමෙන් පසු නගරයට එන වාහන අවම වශයෙන් මගීන් 4 දෙනෙකුවත් ප‍්‍රවාහනය කළ යුතු වන අතර එසේ් නොකරන්නන් සඳහා ගාස්තුවක් අය කරනු ඇති. මෙම යාන්ත‍්‍රණය 2016 සැප්තැම්බර් මාසයට පෙර කි‍්‍රයාත්මක කිරීමටද යෝජනා කරනවා.’’ යනුවෙනි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ පාර්ශ්වයක් වන සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය පැවසුවේ රථ වාහන තදබදය අවම කිරීමට මෙම යෝජනාව හේතුවනු ඇති බවයි.

ඒ අනුව එහි ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා වැඩි දුරටත් සඳහන් කළේ ඇතැම් මෝටර් රථ ඉන්ධන දහනය වැඩි වෙන බව පවසමින් වේගය 40 ට වඩා වැඩි නොකරන බවයි. මේ හේතුවෙන්ද අනවශ්‍ය තදබදයක් ඇති වෙන බවත් පැවසුවා.

nethfm

 

Related posts

සිංහලත්වය විනාශ කිරීමේ සැලසුම් පරාජය කරමු – සම්මන්ත්‍රණය හෙට (17) නාවින්න සනාතන මන්දිරයේදී

colombotoday

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක්

colombotoday

“ව්‍යවස්ථාවෙන් රට බෙදන්නෑ.. ජනපති, අගමැති විශ්වාස කර සද්ද නැතිව ඉන්න” – මල්වතු නාහිමි විමල්ට කියයි !

colombotoday

ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න…. ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්…

colombotoday

අද (16) සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ.

colombotoday

‘කුණුහරුපෙන් බැන සමාව ගත් නිසා, හරීන්ට සමාව දෙනවා‘ – කථානායක

colombotoday