Colombo Today Local News

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයින් දෙදෙනෙකු අවිස්සාවේල්ලේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “සීතාවක පොඩ්ඩා” යන අයගේ සමීපතමයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (01)දින දහවල් සිදුකළ වැටලීමක දී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී ලියාපදිංචි නොකළ යතුරු පැදියක් සහ තියුණු ආයුධයක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

අදාළ පුද්ගලයා ප්‍රදේශයේ මහජනතාව බිය ගන්වා විවිධ ජාවාරම්වල නිරතව සිටි පුද්ගලයෙකු බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මීට අමතරව ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමක දී අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ලියාපදිංචිය තහවුරු නොකළ යතුරුපැදියක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

මීට අමතරව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “ගයාන් උජිත නානායක්කාර” නමැත්තා විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග මීගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය සිදු කළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී බෝර 12 ගිනි අවියක්, එම උණ්ඩ දෙකක් හිස් පතුරම් කොපු 01ක් සහ තියුණු ආයුධ දෙකක් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ මහජනතාව බිය වද්දා විවිධ ජාවාරම්වල නිරත වූ පුද්ගලයෙකු බව පොලීසිය සිදු කළ මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

Related posts

ප්‍රභාකරන් බේරාගැනීමට ඇමරිකාව, නෝර්වේ උත්සහා කල බව ඉන්දියාව මුල්වරට හෙළි කරයි !

colombotoday

රන්ජන්ට ඇප නෑ !

colombotoday

“ආණ්ඩුවට එරෙහි සටන ඌව වෙල්ලස්සෙන් අද අරඹනවා” – බැසිල්

colombotoday

‍රනිල්-අනුර විවාදයක්

Admin

අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙයි. රනිල් තවමත් නෑ

colombotoday

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

Admin