Colombo Today Local News

වරායේ සේවකයින් ආරම්භ කළ උපවාසය තවදුරටත්

කොළඹ වරායේ සේවකයින් තිදෙනෙකු ආරම්භ කර ඇති උපවාසය තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.

චීනයෙන් ගෙන් වු දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරිමට විරෝධය පල කරමින් වරාය වෘත්තිය සමිති ක්‍රියාකාරීන් තිදෙනෙකු දොඹකරයකට නැග ඊයේ (01) දිනයේ මෙම උපවාසය ආරම්භ කළේය.

අදාළ දොඹකර වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරිමට බලධාරින් එකඟතාව පල කරන තුරු සිය විරෝධතාව අඛණ්ඩව සිදු කරන බව වරාය සේවකයින් පවසයි.

පවතින ගැටලුව සම්බන්ධයෙන් අද (02)දින පෙරවරු 10.00ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ස්වාධින වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ මහතා පවසයි.

එහිදී ද සිය ගැටලුවට විසඳුම් නොලැබුණහොත් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් තීවුර කරන බව ලාල් බංගමුවගේ මහතා සඳහන් කරයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීයාවට ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දෙමළ මාධ්‍යවේදීන් සමග ඊයේ අරලියගහ මන්දීරයේ පැවැති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

අගමැති මහින්දට එරෙහි විශ්වාසභංගය සම්මත වුනා – කතානායකගෙන් ජනපතිට ලිපියක්…

colombotoday

පුංචි ඡන්දයත් හයිබ්‍රිඩ් ක්‍රමයට

colombotoday

වැඩි කළ ලිට්‍රෝ ගෑස් මිල යළි අඩු කරයි – අලුත්ම මිල ගණන් මෙන්න

colombotoday

රතන හිමිට හෙළ උරුමයේ හිටපු නායක හිමියන්ගෙන් අභියෝගයක් ! (Video)

colombotoday

මාධ්‍යයට තොරතුරු දුන්නැයි කොටහේන කෝවිලේ භාරකරුගේ නිවසටත් පහරදෙයි

colombotoday

අපයෝජන සිදුවීමකට පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

Admin