World

කරච්චි නුවර වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරය පිළිබදව ඉන්දියාව සැකයි- ඉම්රාන්

කරච්චි නුවර පිහිටි පාකිස්තාන කොටස් වෙළෙඳපොළ ට පසුගියදා එල්ල වූ ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

ඒ පිළිබඳ ව තමාට කිසිදු සැකයක් නොමැති බව පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසීය.

පසුගිය සඳුදා තුවක්කුකරුවන් සිව් දෙනෙක් පාකිස්තාන කොටස් වෙළෙඳපොළ ට ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් මුරකරුවන් දෙදෙනෙක් සහ පොලිස් නිලධාරියෙක් මරුමුවට පත්විය.

පසුව ආරක්ෂක හමුදා එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් තුවක්කුකරුවන් මරණයට පත්විය.

නමුත් ඉම්රාන් ඛාන් ගේ චෝදනාව ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි.

Related posts

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් එන්නත්කරණය අරඹයි

colombotoday

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

colombotoday

ඉන්දුනීසියාවට සුනාමියක්… මිය ගිය ගණන 384 දක්වා ඉහළට…

colombotoday

අමෙරිකාවේ ගුවන් කලාපයට චීනයෙන් ඔත්තු බලන බැලුනයක්

Admin

2035 වෙද්දී පෙට්‍රල් වාහන විකිණීම තහනම්

colombotoday

කැස්ස සිරප් පානය කල උස්බෙකිස්තානයේත් ළමුන් 18ක් මිය යයි

Admin