Colombo Today Local News

ඔන්ලයින් ඉඩම් ලියාපදිංචි කිරීම කඩිනම් කරන ලෙස ජනපති කියයි

ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීම සඳහා ඉ – ඉඩම් විද්‍යුත් ක්‍රමය මගින් ලියාපදිංචිය කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටින බව ජනාධිපතිවරයා පවසයි.

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ – ඉඩම් ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉ-ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව ඊයේ (30)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.

ඉඩම් ලියාපදිංචිය ආශ්‍රිත ආයතන අතර ඒකාබද්ධතාවක අවශ්‍යතාව එහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා වනජීවි, වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශ ද ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩසටහන කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

ඉ – ඉඩම් ලියාපදිංචිය යටතේ ඔප්පුව, පත්ඉරුව, පරිගණකගත කරන අතර පත්ඉරු ලබාගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත්, නීතිඥවරුන්ට, නොතාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට හෝ මාර්ගස්ත ක්‍රමයට ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව හිමි වේ.

Related posts

පිරිවෙන් වලට වෙන්කර තිබූ මුදලත් අතුරු අයවැයෙන් කපා දමලා.. මේ ගහන්නේ ශාසනයටයි !

colombotoday

අගමැති එලවන විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීරුන් මෙන්න…

colombotoday

අරාජිකවාදයද.. ජාතිකවාදයද.. අද රට හමුවේ තිබෙන්නේ මේ දෙක අතර තේරීමක්!

colombotoday

අධිවේගයෙන් වැඩිවන අධිවේගයේ අනතුරු

Admin

බිමත් පුද්ගලයෙකුගෙන් පහරකෑ කතක් මරු දකි..

colombotoday

කින්නියා පුරාවිද්‍යා රක්ෂිතයෙන් සෙල්ලිපියක් හමුවේ – පැරණි ආරාමයක නටබුන් සොයා කැණීම් තවදුරටත්

colombotoday