Colombo Today Local News

දිවයින පුරා සිදු කල වැටලීම්වලිදී හෙරොයින් සමග සැකකරුවන් 4734 ක් අත්අඩංගුවේ

දිවයින පුරා සිදු කර ඇති වැටලීම්වලිදී හෙරොයින් සමග සැකකරුවන් 4734 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

මෙම වැටලීම් 2020.06.06 වන දින සිට 2020.06.24 වන දින දක්වා සිදු කර ඇත.

එහිදී හෙරොයින් කිලෝ 7 යි ග්‍රෑම් 331 යි මිලිග්‍රෑම් 763 ක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ අතර ගංජා කිලෝ 284 ක් හා සැකකරුවන් 3397 මෙන්ම අයික් ග්‍රෑම් 835ක් සමග සැකකරුවන් 330 දෙනෙක් ද අත්අඩංගුවට පත්ව ඇත.

මීට අමතරව මෙම වැටලීම්වලින් අවි ආයුධ සමග සැකකරුවන් 65ක් පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් 9 දෙනෙක් ද අත්අඩංගුවට පත්ව තිබේ.

නීති විරෝධි මත්පැන් ලීටර 379,711ක් සමග සැකකරුවන් 7,150 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව වරෙන්තුකරුවන් 6750 දෙනෙක් හා වෙනත් වැරදි සඳහා සැකකරුවන් 12, 054 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

colombotoday

කොටවෙහෙර විහාරයේ කරඬු හොරු අල්ලන්න මහජන සහය පතයි

colombotoday

උකස් ගත් කෝටි 2කට අධික රන් භාණ්ඩ බැංකුවෙන් අතුරුදන්

Admin

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි

colombotoday

බරවා තුරන් කළ රටක් ලෙස ලංකාව නම් කෙරේ

colombotoday

ජනපති නෙලුම් කුලුන ගැන සිදු කළ ප්‍රකාශය නිවැරදි තොරතුරු ලබාගැනීමකින් තොරව කළ ප්‍රකාශයක්

colombotoday