Colombo Today Local News

කරුණා අම්මාන් ප්‍රකාශ ලබා දීම සඳහා CIDයට පැමිණෙයි

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

අම්පාර ප්‍රදේශයේ දී සිදු කළ ආන්දෝලනාත්මක අදහස් දැක්වීමට අදාළව කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස ඔහුට පසුගිය ජූනි මස 23 වන දා දැනුම් දී තිබුණි.

ඒ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ පරික්ෂණයට අදාළවයි.

නමුත් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් එදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත දන්වා තිබුණි.

තමා කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු පමණක් මිය ගියත් තමන් අලිමංකඩදි එක රැයකදි දෙදහසත් තුන්දහසත් අතර හමුදාවක් මරා දැමු බව ඔහු අම්පාරේ දී පවසා ඇත.

Related posts

වර්තමානයේ තියෙන්නේ බොරුකාර රාජ්‍ය පාලනයක්

Admin

ලක්ෂ 10ක ගබ්සා පෙති තොගයක් අත්අඩංගුවට !

colombotoday

“විදෙස් ණය බර දැක්කහම දිවි නසාගන්න හිතෙනව“ – අගමැති

colombotoday

“ටොසී“ බුද්ධි සේවාවේ මහ කොටියෙක් උතුරු ඇමතිගේ උපාය උපදේශකකමට

colombotoday

හිතුවක්කාර මිනිස්සු ඉන්නකන් ලොක් ඩවුන් කරලා වැඩක් නෑ ! වත්මන් තත්වය ගැන ජනපති සැරටම කියයි

colombotoday

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday