Colombo Today Local NewsUncategorized

‘කොටි ත්‍රස්තයන්ට නිදහස, රණවිරුවන් සිරගෙට’ – බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැමීමට එරෙහිව රණවිරු මාතාවෝ විරෝධයේ

නීත්‍යානුකූල හමුදා මෙහෙයුම්වල නිරත වූ හමුදා බුද්ධි අංශ නිලධාරීන් ප්‍රශ්න කිරීම සදහා දිගින් දිගටම අත්අඩංගුවට ගැනීමට එරෙහිව ‘රණවිරු මාතා’ සංවිධානය ඊයේ හෝමාගමදී විරෝධතාවක නිරත විය. මෙම ආණ්ඩුව කොටි සැකකරුවන් නිදහස් කරන අතරේ, කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් අරමුදල් රැස් කළ සංවිධානවල තහනම ඉවත් කරන අතරේ කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් රාජකාරී කළ හමුදා බුද්ධි අංශ රණවිරුවන් හිරගෙට දක්කන බවට රණවිරු මාතා සංවිධානය රජයට චෝදනා කර සිටියහ.

මේ අතර කොටි ත්‍රස්තවාදීන් සමග සම්බන්ධකම් පැවැත්වූයේ යැයි හෙළිවී තිබෙන ප්‍රගීත් එක්නැළිගොඩ නමැති අය පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි සැකපිට රිමාන්ඩ්භාරයේ පසුවන හමුදා නිලධාරීන් තිදෙනා දෙසැම්බර් 7වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේය.

එම අවස්ථාවට බොදු බල සේනා සංවිධානය ඇතුළුව භික්ෂූන් වහන්සේලා රැසක්ද සහභාගී වී සිටියහ.

12274731_1523130908011340_8718037616306966383_n12289524_1523130768011354_7725765025596357191_n

20151123_095240

එම අවස්ථාවට සහභාගී වු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා අදහස් දක්වමින්,

‘‘ අද දිනයේ ‘රණවිරු මාතා’ සංවිධානය විසින් පවත්වනු ලැබූ සත්‍යග‍්‍රහ ව්‍යාපාරයට අපි එකතු වුණේ කරුණු කිහිපයක් මත ආණ්ඩුවට අපේ විරෝධය පළකර සිටින්න. මේ යහපාලන ආණ්ඩුව පසුගිය 20 වැනිදා අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් කොටි හිතවාදී සංවිධාන 08කට පනවා තිබූ තහනම ඉවත්කර තිබෙනවා. මේ සංවිධාන කොටි පැරදවීමෙන් අනතුරුව ඊළාම් මතවාදය ලොව පුරා රැගෙන යමින් සිටි ඒවා. කොටි සංවිධානය වෙනුවෙන් මත්ද්‍රව්‍ය සහ ආයුධ ජාවාරම්වල යෙදී මුදල් උපයා ඇත්තේ මෙම සංවිධාන විසිනුයි. අපේ රටේ ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව යුද අපරාධ මිත්‍යාව මැව්වේ මෙම සංවිධානවල පිරිස් බොරු සාක්‍ෂි ලබා දීලා. එම ගැසට් පත‍්‍රය මගින් කොටි සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් 269කට පනවා තිබූ තහනම ද ඉවත්කර තිබෙනවා. ඒ වගේම බරපතළ අපරාධවලට වරදකරුවන් වී සිටි කොටි ත‍්‍රස්තවාදීන් සහ බරපතළ අපරාධ චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකොට සිටි කොටි ත‍්‍රස්තවාදීන් පිරිසක් මේ වන විටත් නිදහස්කර තිබෙනවා. ඔවුන් නිදහස් කර ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි.

ඒ විදිහට කොටි ත‍්‍රස්තවාදීන් නිදහස් කරන අතරේ, කොටි හිතවාදී සංවිධානවල තහනම ඉවත් කරන අතරේ කොටි ත‍්‍රස්තවාදයෙන් මේ රට බේරාගත්තු ඒ වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදුණු රණවිරුවන්, බුද්ධි අංශ නිලධාරීන් අද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනිමින් සිටිනවා.

මේ සත්‍යග‍්‍රහ ව්‍යාපාරය අද මේ විදියට හෝමාගමදී පවත්වන්නේ කොටි ත‍්‍රස්තවාදීන් විසින් සැලසුම් කරන ලද බරපතළ මනුෂ්‍ය ඝාතන වැළැක්වීම සඳහා විශේෂ බුද්ධි මෙහෙයුම්වලට නායකත්වය දුන් ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී ලූතිනන් කර්නල් සිරිවර්ධන, ලූතිනන් කර්නල් කුමාරරත්න, සැරයන් මේජර් ප‍්‍රියන්ත යන රණවිරුවන් හෝමාගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන නිසයි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත‍්‍රස්තවාදය වනසපු මේ රණවිරුවන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද වන තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කොට තිබුණා. මේකද මේ යහපාලන ආණ්ඩුව ලබා දෙනවා කියපු ‘වෙනස’?

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා අද ආණ්ඩු කරන්නේ රණවිරුවන් මේ රට බේරගත්තු නිසයි. ඔවුන්ට අමතකයි කොටින්ගේ ප‍්‍රභූ ඝාතන සැලසුම් ඇතුළු ඝාතන සැලසුම් 83ක් ව්‍යාර්ථ කළේ, අද මේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු කණ්ඩායම විසින් කියලා. ඔවුන් තම ජීවිත පරදුවට තියලා, තමයි එවැනි දුෂ්කර මෙහෙයුම්වල නිරත වුණේ. අපි ගරු කටයුතු අධිකරණයෙන් ඉල්ලනවා ‘මේ මහ පොළොව නුහුලන අපරාධයට ඉඩ දෙන්න එපා. මේ රටේ ජනතාව මරණ බියක් නොමැතිව අද ජිවත්වන්නේ මේ රණවිරුවන් නිසා. ඔවුන්ට යුක්තිය ඉටු කරන්න’ කියලා.

මේ පාවාදීම ‘මිලේනියම් සිටි’ පාවාදීමට එහා ගිය පාවාදීමක්. අද බුද්ධි අංශ නිලධාරීන් සිටින්නේ ඉමහත් පීඩාවකින්. ඔවුන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන්, දරුවන් ඉමහත් දුකකින් සිටින්නේ, ‘රට බේරා ගැනීමට ජීවිතයට පරදුවට තබලා සටන් වැදුණු අපේ දරුවන්ට, ස්වාමිපුරුෂයන්ට, තාත්තලාට මොකද මේ වෙන්නේ’ කියලා. ‘රට රැකගැනීම සඳහා නීත්‍යනුකුල මෙහෙයුම්වල නිරත වූ බුද්ධි අංශ නිලධාරීන් අද බොරු චෝදනා එල්ල කරලා උසාවි ගානේ රස්තියාදු කිරීම යහපාලනයද? කියලා අපි මෛතී‍්‍ර-රනිල් පාලනයෙන් ප‍්‍රශ්නකර සිටිනවා’’

Related posts

පාසල් නිල ඇදුම් වව්චරය දීම ප්‍රමාද වුණේ ඡන්ද වැඩ තිබුණු නිසා – හිටපු අධ්‍යාපන ඇමති කියයි

colombotoday

මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි අතුරුදන් ?

colombotoday

මහජන සාමය පවත්වාගෙන යන්න රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි

Admin

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

colombotoday

කුරුණෑගල නගරාධිපති ඇතුළු 05 දෙනාගේ වරෙන්තුව ක්‍රියාත්මක නොකරන්නැයි අභියාචනාධිකරණය දැනුම් දෙයි

colombotoday

හමුදා ප්‍රධානීන් FCID කැඳවීම ගැන මම දැනගත්තෙත් මාධ්‍යයෙන්. ඒ ගැන කණගාටුයි.

colombotoday