Colombo Today Local NewsUncategorized

මෙගා ඩීල් එකක්! වටිනාකමටත් වඩා වැඩියෙන් ගෙවා ටෙලිකොම් ‘හච්’ ගන්න හදයි

Mega deal in telecomශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වන බව වාර්තා වෙයි. ලංකාවේ ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රයේ අඩු පංගුකාරිත්වයක් හිමි හච් සමාගමේ මුළු දළ වටිනාකම ඩොලර් මිලියන 80-90ක් හැටියට එම ක්‍ෂෙත‍්‍රය ගැන දන්නා අය තක්සේරු කරන අතර ටෙලිකොම් සමාගම එය මිලදී ගන්නට යන්නේ ඩොලර් මිලියන 130කට වැඩි මිලක් ගෙවමිනි.

 මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඔක්තෝබර් 9වැනිදා සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමේදී එහි සභාපති කුමාරසිංහ සිරිසේනගේ මෙහෙය වීමෙන් පුද්ගලයකු විසින් කරුණු ඉදිරිපත් කර ඇති නමුත් ගනුදෙනුවේ පලදායකභාවය ගැන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් සෑහීමට පත්වී නැත. එසේ වුවත්, ඉදිරියේදී එම ගනුදෙනුව ඒ විදියටම සිදුවන ආකාරයට කරුණු පෙළගැසෙමින් තිබෙන බව තවදුරටත් වාර්තා වෙයි.
සිංගප්පූරුවේ බ්‍රෝකර්වරයකු හරහා මේ ගනුදෙනුවට අදාළ සාකච්ඡා ටෙලිකොම් සමාගම සමගද, ආණ්ඩුවේ දේශපාලන බලවතුන් සමගද මේ වන විට පැවැත්වෙයි. එම සාකච්ඡාවල ප‍්‍රතිඵලය ලෙස, ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙක්ද මෙම ගනුදෙනුව සාර්ථක කරගැනීම සඳහා දැන් මැදිහත්වී සිටිති. ඉන් එක් අයකු වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේද ජ්‍යෙෂ්ඨ නිලයක් හොබවන ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලට සම්බන්ධ ඇමතිවරයෙකි. අනෙක් ඇමතිවරයා ටෙලිකොම් විෂය භාරව අලූතෙන් පත්ව ආ හරින් ප‍්‍රනාන්දු මහතාය.

Related posts

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 500කින් අඩුවෙයි

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday

මේ පාවාදීම 1815 දී කළ මහා පාවාදීමට දෙවනි නැහැ

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරි සියලු දේශපාලනඥයින් බලයෙන් පහ කල යුතුයි – අගරදගුරුතුමා

colombotoday

නාමල් වෙනුවෙන් සාගර ඇප තියයි

Admin

‘රජයේ දේපල විකිණීම ඉතාම වැදගත්“ – මහ බැංකු අධිපති

colombotoday