Colombo Today Local News

ඇප අයඳුම්පත් සලකා බලන්න අලුත් ක්‍රමයක්

බන්ධනාගාර රැඳවියන්ගේ ඇප අයඳුම්පත් සලකා බැලීම හා රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීම සඳහා වීඩියෝ සාකච්ඡා පද්ධති භාවිත කිරීමට කිරීමට මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

රට පුරා බන්ධනාගාර 23ක 15,000ක් පමණ රැඳවියන් සිටින අතර ඔවුන්ගෙන් 5400 ක් පමණ දෛනිකව අධිකරණ වෙත ඉදිරිපත් කළ යුතුව ඇත.

මෙරට පවතින කොවිඩ් වසංගත තත්ත්වය මෙන්ම පසුගිය කාලයේ දී රිමාන්ඩ් රැඳවියන් ප්‍රවාහනය කරමින් සිටිය දී සිදුවු ප්‍රහාර හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

සිදුවූ සමහර ප්‍රහාර හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ද ජීවිතක්ෂයට පත් වීම සැලකිල්ලට ගෙන රැඳවියන් බන්ධනාගාරය තුළ සිටියදීම ඔවුන්ගේ ඇප අයදුම්පත් වීඩියෝ තාක්ෂණය භාවිත කරමින් සලකා බැලීමට කටයුතු සැලසුම් කර ඇත.

එම වැඩසටහනේ පළමු අදියර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අධිකරණ ශාලා 23ක් සහ බන්ධනාගාර 04ක ආවරණය කරමින් යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

Related posts

පොඩි මැණිකේ පිලීපනී

Admin

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තරුණයෙකු රෝහලේ

Admin

නඩුවක් අහද්දී නීතීඥයෙකුට ඇගිල්ලෙන් ඇනලා.. පවිත්‍රා උසාවියෙන් සැරට අහගනී

colombotoday

විමල් වීරවංශ නිවැරදිකරු.. අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

colombotoday

දෙමළ ජනතාවට අනුර තර්ජනය කරලා

Admin