Colombo Today Local News

ආගමික සිද්ධස්ථානයන්හි පුද්ගල එක්රැස්වීමට අවසර

ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා ජූනි මස 12 වන සිකුරාදා සිට අවසර ලබා දී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඕනෑම ආගමික පූජ්‍යස්ථානයකට (එම පුජ්‍ය ස්ථානයට අයත් ගොඩනැඟිලි හා එළිමහන් ස්ථාන ඇතුළුව ) රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 කට සීමා වෙයි.

නමුත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් පුද්ගලයින් 50 දෙනෙකුට හෝ රැඳී සිටිමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකඩ පමණක් එක් අවස්ථාවක රැඳී සිටිය හැකිය.

Related posts

සාදයක් මරණයකින් අවසන් වෙයි

Admin

මැදවච්චියෙන් බෝම්බයක් හමුවෙයි

colombotoday

ISIS දැයි සැකයක්… බුබායි සිට ආ මුස්ලිම් පවුලක් පිටුවහල් කරයි

colombotoday

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල සතොස පහත දමයි

Admin

හෙටත් භාණ්ඩාගර බිල්පත් විකුණයි

Admin

ඇමති මලික් එජාප රැස්වීමට බලෙන් පැනලා… පාඩමක් උගන්වන්න දේශපාලන මණ්ඩලය සැරසේ

colombotoday