Colombo Today Local News

ෂරියා මේ රටට එන්න ඕන.. දෙමාපියන්ට මිදෙන්න බැරි ‘ශිර්ක් කුෆර්’ගැන කියන ෂැංග්‍රිලා බෝම්බකරුගේ හඬ පටය

ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බය පුපුරවා ගත් මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ හඬ පටයක් සොයාගෙන තිබේ.

මෙම හඬ පටය ඔහු විසින් පටිගත කර තිබෙන්නේ 2019 අප්‍රේල් 20 වැනිදා බවයි හෙළි වී ඇත්තේ. මීට අමතරව දෙමටගොඩ මහවිල උද්‍යානයේ ඔහුගේ නිවසේ සිට මෙය පටිගත කර ඇති බව වාර්තා වේ.

මෙම හඬ පටය ඔහුගේ බිරිඳ වන ෆාතිමා ජෙෆ්රි වෙත ලබා දී ඇති බවත් ඔහු බිරිඳට පවසා ඇත්තේ එම හඬපටය ප්‍රහාරයෙන් පසුව ඔහුගේ දෙමාපියන්ට ඇසීමට සලස්වන ලෙසයි.

“මාගේ අම්මාටයි, තාත්තාටයි සහෝදර සහෝදරියන්ටයි ලබා දෙන පණිවිඩය

මම කෙටියෙන් කියන්නේ අම්මා කරන වැරදි ක්‍රියාවලට දෙවියන් ගෙන් සමාව ගත යුතුයි.

ඒ වගේම පියාගේ ආගම් ඇදහීම් ක්‍රියාවලින් සමග අන්‍යාගමිකයන් සමග සම්බන්ධතා පැවැත්වීම, හාමුදුරුවන්ට ආධාර ලබාදීමේ කටයුතු වලින් මිදෙන්නට බැරිව ගියාට ඒවා ‘ශිර්ක් කුෆර්’ කටයුත්තක්.

මෙම පටිගත කිරීම ඔබලා අහන විට මම දෙවියන් ළඟට ගිහින් ඉදී.

දෙවියන් පිළිගන්නට ඕන මෙය සිය දිවි නසා ගැනීමක් නොව මා විසින් කරන දානයක් කියලා. නබිතුමා කියලා තියනවා, ප්‍රශ්න තියෙන කාලේ හොඳ භක්තිකයන් මිය යෑමට කැමැති විය යුතුයි කියලා.

දෙවියෝ ආදරයට තමයි මට මේ මාර්ගයේ පෙන්නුවෙ. ෂරියා මේ රටට එන්න ඕන.

කුරානය අනිවාරයෙන් කියවන්න. හදිස් කියවන්න.

අම්මාටයි, තාත්තටයි කියන්න පණිවිඩය තමයි මට සමාව දෙන්න. මා නිසා ඔයාලට කරදර අපහසුතාවයන් වෙන්න පුළුවන්.

මෙම මාර්ගය තෝරා ගත්තේ, දෙවියන්ගේ මාර්ගය නිසයි.

මේ නිසා අපේ පවුලේ අයට කරදර වෙයි,මගේ අම්මා තාත්තාට කරදර වෙයි කියලා මට මේ මාර්ගය තෝරා ගන්නේ නැතුව ඉන්න බෑ.

ඕගොල්ලො මට මෙයින් පස්සේ බැන්නත් ඊළඟ ආත්මේ වෙනකන් කර ගෙන ගියත් මම සමාව දෙනවා. ඒ නිසා මා හටත් සමාව දෙන්න.

මේ ක්‍රියාදාමය හේතුවෙන් මම ඉදිරියේ දී ‘නිෆාත්’ යන තත්ත්වයට පත්වෙනවා. ඊලග එක මමයි ඉන්ෂාෆුයි අති උසස් ක්‍රියාදාමයකට යනවා. අපි මරණයට පත් වෙනවා. පිහාත් කියන එක මේ කාලේ අනිවාර්යයි.” යනුවෙන් එම හඬපටයේ සඳහන් වේ.

Related posts

නිරෝධායන නීති කැඩූ 186ක් අත්අඩංගුවට

colombotoday

සීනිමෝදර මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු මරුට

Admin

වෘත්තීයවේදීන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ගැන අනතුරු අඟවයි

Admin

ලෝකයේ වඩාත්ම බලසම්පන්න මුස්ලිම් ජාතිකයන් 500 දෙනා අතරට රිෂාඩ් බදියුදිනුත් නම් වෙයි…

colombotoday

චම්පිකට අගමැති වෙන්න ITN එක මට දෙන්න – ඇමති චම්පිකගේ ගෝලයා ITN වනසන ලකුණු

colombotoday

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

colombotoday