Colombo Today Local News

මංගල සමරවීර මෙවර මැතිවරණයෙන් ඉවත් වෙයි. ඡන්ද නාමලේඛනයේ තම තිබුනට ඡන්දය එපා කියයි.

වත්මන් දේශපාලන තත්වය ගැඹුරින් සැලකිල්ලට ගෙන ‘මන්ත්‍රී දේශපාලනයට’ සමුදීමටත්, ඒ අනුව මෙවර මහ මැතිවරණය සටනින් ඉවත්වීමටත් තීන්දු කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසූ බව theleader වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මෙය කිසිඳු ලෙසකින් දේශපාලනයෙන් සමුගැනීමක් හෝ විශ්‍රාම ගැනීමක් නොවන බවත්, මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට තබන්නාවූ අලුත් පියවරක් බවත් ඔහු පැවසු බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

‘සමගි ජන බලවේගයෙන්’ මෙවර මහ මැතිවරණයට මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට නියමිතව සිටි මංගල සමරවීර ඒ බව සඳහන් කර සිටියේ, මාතර පිහිටි ඔහුගේ නිවසේ අද (ජුනි 08) පස්වරුවේ පැවති සාකච්ඡාකදීය. මාතර දිස්ත්‍රීක්කයේ පළාත් පාලන නියෝජිතයින් ප්‍රමුඛ ක්‍රියාකාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට කැඳවා තිබි ඇත.

ඡන්ද නාමලේඛනයේ තම තිබුනට ඡන්දය එපා කියයි.

ඒ අනුව ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ ‘සමගි ජන බලවේගයේ’ අපේක්ෂකයකු ලෙස ඡන්ද නාමලේඛනයේ තම නම සටහන්ව තිබුණ ද ඡන්දය ඉල්ලීමෙන් වැලකී සිටින බව පැවසු මංගල සමරවීර, තම අංකය ඉදිරියේ මනාපය සටහන් නොකරන ලෙස මාතර දිස්ත්‍රීක් ජනතාව ගෙන් ඉල්ලා සිටි බව ද එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Related posts

මාර්ග කිහිපයක පෞද්ගලික බස්රථ වර්ජනයක්

Admin

ශිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් කෙරේ

colombotoday

විජයග්‍රහණය සමරුමට සහභාගී වීමට නොහැකි වූ ෆොන්සේකාගේ වැදගත් වැඩේ

colombotoday

කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඒකාබද්ධයේ ජනබලය ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

හමුදා කඳවුරට පැන්න විපක්ෂ නායකයා හැකිනම් අත්අඩංගුවට ගෙන පෙන්වන්න – පොලිස්පතිට අභියෝගයක් !

colombotoday