Colombo Today Local NewsEntertainmentGossipUncategorized

ලක් විරු සගයකු සමග අහසින් පැන්න ‘කමාන්ඩෝ’ යුද සුරතලියක් ඉතිහාසගත වාර්තාවක – PHOTO

උඩු ගුවන ජයගත් ලොව ප්‍රථම ජීවියා වෙමින් රුසියාවේ ලයිකා බැල්ල ඉතිහාසයේ අමරණීය වාර්තාවකට හිමිකම් කීවා. අභ්‍යවකාශයට නොගියත් අඩි 4000 ක් පමණ උඩු ගුවනේ සිට ඉතිහාසගත පිම්මක් පනිමින් අපේ කෙනෙකුත් ඉතිහාසගත වාර්තාවක් තැබුවා. ඇය නමින් ටීෂා… යුධ හමුදා කමාන්ඩෝ බලකායේ යුධ සුනඛයෙක්. ටීෂා මේ වාර්තාව තැබුවේ ඉකුත් (21දා) ශ්‍රි ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ කුඩාඔය පුහුණු පාසලේ පැවති විසිරයෑමේ පෙළපාලියේ පිරික්සුම් පහන් සංදර්ශනයේදී මේජර් එන්.පී.එස් සිරන්ජීව සමග උඩු ගුවනේ සිට පැරෂුට් පිම්මක් පනිමින්.

මේජර් එම්.එන්.පි.එස්. සිරන්ජීව 1995 දී පැරෂුට් පුහුණුව ආරම්භ කිරීමෙන් පසු මෙතෙක් වසර 20 ක පමණ කාලය තුල දී ජාත්‍යන්තර අවස්ථා ,රාජ්‍ය උත්සව මෙන්ම තවත් උත්සව රැසකට සහභාගි වී ඇති අතර සුනඛයෙකු සමඟින් උඩුගුවනේ සිට පැරෂුටයක් මඟින් පනින ලද ප්‍රථම අවස්ථාව ද මෙය යුද හමුදා ඉතිහාසයට එක් වෙයි.

ඡායාරූප – Army.lk

Related posts

සිරකරුවන් 557කට ජනපතිගෙන් නත්තල් තෑගි

colombotoday

මෙරට උද්ධමනය තවත් පහළ යයි

Admin

සැමියාගෙන් වෙඩි කෑ බිරිඳ මරුට

colombotoday

ආවා කල්ලියේ ලොක්කෝ තිදෙනා ඉන්දියාවෙන් අල්ලයි

colombotoday

උපාධිධාරීන් 5000ක් රාජ්‍ය සේවයට බදවා ගැනී… කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

අයි.එම්.එෆ්. රාජ්‍ය සේවකයන් අඩු කරන්න කියනවා

Admin