Colombo Today Local News

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණය අධිකරණයෙන් තහනම් කරයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය ව්‍යාපාරයක් පැවැත්වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ උද්ඝෝෂණ ව්‍යාපාරය ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව පෙරටුගාමී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක සහ එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන අය සහ තවත් අයවලුන්ට එරෙහිව සහ පොදුවේ මහජනතාව වෙත අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇති බව පොලීසිය පවසයි.

මෙම අඥාව කඩකිරීම ලංකා දණ්ඩ නිතී සංග්‍රහයේ 185 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බව අධිකරණ ආඥාවේ සඳහන් කර තිබේ.

Related posts

“ඒ චීවරධාරියාට පිස්සු” ෆොන්සේකා ඇල්ලේ ගුණවංශ හිමියන්ට මාධ්‍ය ඉදිරියේ බැණවදී (Video)

colombotoday

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin

ජනපති ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව අමතයි…

colombotoday

ඉන්දු පැසිපික් කලාපයේ වටිනාම භූමිය ඇත්තේ ශ‍්‍රී ලංකාවේ – ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය කියයි

colombotoday

“ශ්‍රීලනිප – ඒකාබද්ධය එක්වීමට ඔළමොට්ටලයන් දෙදෙනෙක් ඉඩ දෙන්නේ නෑ” – දයාසිරි

colombotoday

ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංස දෙදෙනාට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කෙරේ

colombotoday