Colombo Today Local News

එංගලන්තයේ සිටි ලාංකිකයින් 278 දෙනෙකු දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන විශේෂ ගුවන් යානයෙන් අද (07)දින අළුයම 02.51ට ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ, ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්යය මණ්ඩලය, කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව, ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කිරීම සිදු කෙරුණි.

මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක්, මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් 04 ක නවතා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන ඇත.

Related posts

පුද්ගලයකු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

Admin

පාර්ලිමේන්තු විශ්වාස භංගයකින් හැර අගමැති ඉවත් කරන්න ජනපතිට බලයක් නෑ

colombotoday

දේශපාලකයින් රහසේ යන එන, අනාවැකි කියන අනුරාධපුරේ මැණීයන්ගේ දේවාලය ගිනි තබයි…

colombotoday

සමාව ඉල්ලන ලියුමට රන්ජන් අත්සන් කරයි

colombotoday

උතුරු දුම්රිය මාර්ගය මඩකලපුවෙන් යටවෙයි… කොළඹ-කොටුව දුම්රිය ධාවනය ඇනහිටි

Admin

ඉලක්කයකට වැඩ කළොත් රටේ ආර්ථිකය ගොඩනැගීමට වැවිලි ක්ෂේත්‍රයට පුළුල් දායකත්වයක් දිය හැකියි. ජනපති කියයි

colombotoday