Colombo Today Local News

සති දෙකකින් මිලියන 500ක් ගෙවනු – එන්තර වාසිය ෆොන්සේකාගේ නිවසට

wijeyadasa-rajapakshCDN

රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා අමාත්‍ය විජේදාස රාජපක්ෂ තමන්ට එරෙහිව අධිකරණයේ ගොනුකරන නඩුවට අදාළ ලිපිය තමන් වෙත ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. එම පක්ෂයේ ජාතික සම්මේලනයට බොරැල්ල කැම්බල් පිටියේදී ඊයේ (21) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අසත්‍ය චෝදනා එල්ල කරන බව පවසමින් ඔහුගෙන් රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මුලින්ම ප්‍රකාශ කළේ පසුගිය 6 වනදායි. පසුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ තමන් අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන්ද රුපියල් මිලියන 5000 ක් ඉල්ලා නඩු පවරන බවයි.

323027-sarath-fonseka

කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පක්ෂ සම්මේලනයට එක්වෙමින් ඊයේ ප්‍රකාශ කළේ සති දෙකක් ඇතුළත මිලියන 500 ක මුදල ලබා දෙන ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ යොමුකළ ලිපිය ලැබී ඇති බවයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඇවන්ගාඞ් ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපතිවරයා ඇතුලූ පසුගිය රජයේ කණ්ඩායමක්ද එක්ව සිටින බව සඳහන් කළා.

Related posts

අද සිට ක්‍රියාත්මක 2017 අයවැය යෝජනා මෙන්න

colombotoday

රනිල්ට ආපු රහස් පණිවුඩය

Admin

කැබිනට් ඇමතිකම් සදහා 35කගේ නම් ලයිස්තුවක් ජනපතිට… අටක් කපා දමයි…

colombotoday

රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් මැතිසබේ අද විවාදයට

colombotoday

ලෝක පරිසර දිනය අදයි

colombotoday

මුහුද යටින් කේබලයක්.. විදුලිබල පද්ධතිය ඉන්දියාවට අමුණයි.. විදුලියත් ඉන්දියාවෙන් !

colombotoday