Colombo Today Local News

පොලිස් පුතෙක් කෝටියක කුඩු සමග මාට්ටු. යහපාලන කාලයේ කොටුවුණාම සී.අයි.ඞී. හිටපු ලොක්කෙක් ෂේප් කරලා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් පරීක්ෂකවරයකුගේ පුත‍්‍රයකු රුපියල් කෝටියක් වටිනා මත්කුඩු කිලෝ ග‍්‍රෑම් එකක් සමග පෙරේදා (03) සවස පිටකොටුව පොලිස් මුරපළේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

23 හැවිරිදි තරුණයකු වන මේ පොලිස් පුත‍්‍රයා අදාළ මත්කුඩු තොගය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා පිටකොටුව ප‍්‍රදේශයට රැගෙන එමින් සිටියදී පොලිසියට කොටු වී ඇත.

ඔහු සමග තිස්තුන් හැවිරිදි තවත් සැකකරුවකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී පසුගිය රජය සමයේ අවස්ථා කිහිපයකදීම තමන් පොලිසිවලට හසුවුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි පොලිස් ප‍්‍රධානියකු පොලිසිවලට බලපෑම් කර තමන් මුදාගත් බව වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලදී සැකකරු පාපොච්චාරණය කළ බව පොලිසිය පවසයි.

සැකකරු මෙසේ ජාවාරම් කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්ත සිරදඬුවමකට යටත්ව සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන ‘අතුරුගිරියේ දිලූ’ නමැත්තාගේ මත්කුඩු තොග බවද පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත. මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන ‘අතුරුගිරියේ දිලූ’ නමැත්තා සැකකරුගේ පියා වන හිටපු පොලිස් නිලධාරියාගේ සොයුරියකගේ පුත‍්‍රයකු බවද හෙළි වී තිබේ.

රඳවා ගැනීමේ නියෝග මත පොලිසිය සැකකරුගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කරමින් සිටියි.

Related posts

මාලිමා ආණ්ඩුව පිටුපස ජිහාඩ් අන්තවාදීන්? ඥානසාර හිමි යළිත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක

colombotoday

NSBM වලටත් වෛද්‍ය පීඨයක්

Admin

කිංස්ලි රත්නායක ‘සිරසෙන්‘ ඉල්ලා අස්වෙයි..

colombotoday

එට්කා ගැන විජිතගෙන් ප්‍රකාශයක්

Admin

හොරු ඔක්කොම දැන් දේවාලවල.. දෙවියන්ටත් ඇඩ්‍රස් නෑ

colombotoday

වල් ඌරෙකුයි සිතා කළ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday