Colombo Today Local News

චම්පික සම්බන්ධ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝනා ලත් වැලිකඩ පොලීසියේ හිටපු OICට ඇප

වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද(03) නියෝග කර තිබේ.

2016 වසරේදී සිදුවූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැනුම් දුන්නේය.

ඊයේ(02) දිනයේ එම කොට්ඨාශය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය මෙම තීරණය දැනුම් දුන් බව වාර්තා වේ.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ නඩුවේ තුන්වන සැකකරු ලෙස වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල නම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි.

රිය අනතුර සිදුවූ අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා එම රථය පැදවූ බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්ව තිබියදී සාක්ෂිකරුවන්ගේ කටඋත්තර සටහන් කර ගැනීමේදී ඔහුගේ නම ඉවත් කොට ඒ වෙනුවට ඔහුගේ රියදුරුගේ නම ඇතුළත් කරන ලෙස සුදත් අස්මඩල මහතා විසින් වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට බලපෑම් සිදුකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ප්‍රකාශ කර ඇත.

මෙමඟින් ඔහු සාක්ෂි වසන් කර අසත්යන සාක්ෂි නිර්මාණය කිරීමට ක්‍රියාකර ඇති අතර එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ නියෝගය අද ප්‍රකාශයට පත්කරන බව වාර්තාවේ.

Related posts

මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි

colombotoday

අල්ලස් ගත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් අත්අඩංගුවට

colombotoday

නැගනහිර පුරාවිද්‍යා සංහාරයේ පිටුපස ඇමති හිස්බුල්ලා – පුරාවිද්‍යා කාර්යාලයත් ඉවත් කරයි

colombotoday

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපතිධූරය නීතිඥ අතුළ ප්‍රියදර්ශණ ද සිල්වාට

colombotoday

අධිකරණ නියෝගයක් නොමැතිව මිනී ගොඩ දාලා. – දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්.

colombotoday