World

කොරෝනාවෙන් වැඩියෙන්ම බැට කෑ ඇමරිකාවේ දරුණු ගැටුම්. ප‍්‍රධාන නගර තිහකට ඇඳිරිනීතිය. සිය ගණන් අත්අඩංගුවේ

ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයන් දහස් ගණනින් මහාමාර්ගවලට පැමිණ වාහන ගිනි තබමින් පොලිසිය සමඟ ගැටුම් ඇතිකර ගැනීම හේතුවෙන් රට පුරා ප‍්‍රධාන නගර තිහකට අධික සංඛ්‍යාවක ඇඳිරිනීතිය පනවා තිබේ.

මේ හේතුවෙන් පොදු දේපළ රැසකට හානි වී ඇති අතර රටපුරා ස්ථාන ගණනාවක විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් ඇතිවී තිබේ.

ඩොලර් විස්සක හොර නෝට්ටුවක් භාවිතා කිරීමට උත්සාහ කළ බවට වෙළඳසලකින් ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඞ් නමැත්තකු අත්අඩංගුවට ගත් අතර පොලිස් නිලධාරියකු ඔහු අත්අඩංගුවට ගැනීමේදී ඔහුව බිම දමා ගෙල සිර කිරීම නිසා පසුව ඔහු මරණයට පත්වීම මෙම ගැටුම්වලට හේතුවයි.

අදාළ දුරකථන පණිවිඩයෙන් පසු පොලිසිය වහාම එම ස්ථානයට පැමිණ ෆ්ලොයිඞ් ඔහුගේ වාහනයෙන් එලියට ගෙන මාංචු දමා ඔහුගේ සිරුර අඩපන වන තුරුම හුස්ම හිරකරගෙන සිටි අතර එම සිද්ධිය කිසියම් පිරිසක් විසින් රූගත කර මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරන ලදී. ඒ සමග මෙම ගැටුම් ඇතිවූ අතර අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා වන ඩෙරික් චෝවින් සහ ෆ්ලොයිඞ් අත්අඩංගුවට ගැනීමට උදව් කළ අනෙක් නිලධාරීන් තිදෙනා වහාම සේවයෙන් ඉවත් කරන ලදී.

පසුව ඩෙරික් චෝවින් අත්අඩංගුවට ගන්නා ලදී.

මේ වන විට ගැටුම් හේතුවෙන් එක අයකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. තවත් සිය ගණනක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts

ISIS අළුගෝසුවා ජිහාඩ් ජෝන් මියගියබව ISIS ප්‍රථම වරට පිළිගනියි

colombotoday

ගුවන් ධාවන තරගයේ දී යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට

Admin

ලෝක බාලදක්ෂ ජම්බෝරිය අවලංගු කෙරේ…

Admin

දෙවන ලෝක යුධ සමරුවේ, රුසියානු යුධ බලය පෙන්වයි

colombotoday

පීස් කියා ත්‍රස්තවාදය වැපිරූ ඉස්ලාම් රූපවාහිනිය බංග්ලාදේශයේ තහනම් ! ලංකාවේ යහතින් වැඩ !

colombotoday

දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43කට වෙන්දේසි වෙයි

Admin