Colombo Today Local News

සොයිසාපුර හෝටලයේ හිමිකරුට පාතාලයෙන් තවත් තර්ජනාත්මක ඇමතුමක්

ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීමේ සිද්ධියට අදාල සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිළධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30)දින රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබූ පසුගිය 19 වනදා ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මොටර් රථයකින් පැමිණි පිරිසක් කඩු වලින් පහරදීමක් සිදුකර පසුව පසුගිය 28 වනදා කප්පම් මුදල් ඉල්ලා එම හෝටලයටම වෙඩි තැබීමක්ද සිදු කළේය.

එම වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිළධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රි 8ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ එලුවිල, පානදුර ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ලියනගේ ජනිත් හෂාන් විමලවීර නොහොත් කොණ්ඩ ජනියා නැමති 34 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු අංක 269,සමුද්‍රාසන්න පාර,අඟුලාන , මොරටුව යන ලිපිනයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට පත් පුද්ගලයා ඩුබායිහි සැඟව සිටින අඟුලානේ අංජු නැමති පාතාල නායකයාගේ සමීපතම ගෝලයකු වන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුගියදා සොයිසාපුර පිහිටි අවන්හලට මෝටර් රථයකින් වෙඩි තබා පලායාමෙන් මිනිත්තු කිහිපයකට පසු ඩුබායි රාජ්‍යෙය් දුරකථන අංකයකින් හෝටලයේ හිමිකරුට මරණ තර්ජන එල්ල කිරීමේදී ද ඔවුන් සිදුකළ තවත් ඝාතයක් පිළිබඳව තොරතුරු අනාවරණය වුණි.

අදාල දුරකථන සංවාදයේදී අනාවරණය වූ තොරතුරුට අනුව ඔවුන් රන්ජන් ද සිල්වා නැමැත්තෙකු ඝාතනය කර ඇති අතර එය මීට වසර දෙකකට පෙර දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ රන්ජන් ද සිල්වා මහතාගේ ඝාතනය වන බව තහවුරු වෙයි.

එසේ ඝාතනයට ලක්වූ රන්ජන් ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාණන් ද වෙයි.

වසර දෙකකට ආසන්න කාලයක් ගත වුවද මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ කුඩු අංජු හෙවත් අඟුලානේ අංජු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවද එම ඝාතනය සමබන්ධයෙන් ඔහුගේ සමීපතමයෙකු වන කොණ්ඩ ජනියා නැමැත්තා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටියේය.

එසේ ඇප මත සිටියදී ඩුබායිහි සැඟව සිටින අංජුගේ මෙහෙයවීමෙන් සොයිසාපුර ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා කොණ්ඩ ජනියා විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

මෙම ව්‍යාපාරික ස්ථානයට කඩුවලින් පහරදීම ද අත්අඩංගුවට පත්වූ කොණ්ඩ ජනියා විසින් මෙහෙයවා ඇති අතර ඊට ආදාලව මීට පෙරද තවත් අපරාධකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාල සැකකරු මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් චරත ද සිල්වා මහතාගේ නිවසට රැගෙන ගිය අතර ඔහු ජුනි 5 වැනිදා දක්වා රඳවා තැබීමට නියෝග කර තිබේ.

මේ අතර තවත් තර්ජනාත්මක දුරකථනක ඇමතුමක් සොයිසාපුර හෝටලයේ හිමිකරුට ලැබී තිබුණු අතර එය සමාජ මාධ්‍ය වෙතද නිකුත් වී තිබුණි.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

colombotoday

ආණ්ඩුකාර නියෝගය නොතකයි. මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් කරයි

colombotoday

ප්‍රංශයේ මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදයට මුදල් යොදවලා – පල්ලිවලට විදෙස් මුල්‍ය ආධාර ගැනීම මින්පසු තහනම්

colombotoday

යහපාලන ඇමතිලාගේ ගැහිලි ගැන ජනපති දනී.. ඒත් නිහඩයි !

colombotoday

ඉන්දියානු ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ඉදිරි දෙසතියේ

colombotoday

චන්ද්‍රිකා කිව් බොරුවක් අතේ පත්තුවෙයි.. චීනයෙන් දැඩි ප්‍රකාශයක් !!

colombotoday